දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආඥාපති ජන හදවත් හඬවමින් වන්නියේ සේවයට සමුදෙයි (PHOTOS)
Homeප්‍රවෘත්ති

ආඥාපති ජන හදවත් හඬවමින් වන්නියේ සේවයට සමුදෙයි (PHOTOS)

PropellerAds

යුද්දයෙන් පසුව වන්නි දිස්ත්‍රික්කට අමිල සේවයක් ඉටු කළ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් බොනිපස් පෙරේරා මහතා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච...

හම්බන්තොට වැව් හාරන්න ආ අමුතු ඇඳුම් ඇඳගත් චීනුන් කව්ද? (video)
ඇමැතිවරු දෙදෙනෙකු මෛත්‍රීගේ නිවසේ රහස් සාකච්ඡාවක! ආණ්ඩුව ගැන තීන්දුවට මෛත්‍රීගෙන් උපදෙස් !
ලොතරැයි දිනුම් ඇදීමේ දැවැන්ත වංචාවක් !
ආඥාපති ජන හදවත් හඬවමින් වන්නියේ සේවයට සමුදෙයි (PHOTOS)

යුද්දයෙන් පසුව වන්නි දිස්ත්‍රික්කට අමිල සේවයක් ඉටු කළ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් බොනිපස් පෙරේරා මහතා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකවරයා වශයෙන් උසස්වීමක් ලබා එලඹෙන 04 වනදා සිට එහි වැඩ භාරගැනීමට නියමිතය.

2012 වසරේ අගොස්තු මස වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා වශයෙන් වැඩ භාරගත් මේජර් ජෙනරල් බොනිපස් පෙරේරා මහතා ගෙවී ගිය වසර 05 කට වැඩි කාලය තුලදී වන්නි දිස්ත්‍රික්කය තුළ යුද්දයෙන් පසුව වැසියන් නැවත පදිංචි කරවීම්, කොටි බිම් බොම්බ හා මර උගුල් ඉවත් කොට භූමිය නිදහස් කරවීම්, යුද්දය හේතුවෙන් මුල් ගම්බිම් දමා ගිය පවුල් 3500කට අධික පිරිසක් නැවත පදිංචි කොට ඔවුන්ට නිවාස හා අනෙකුත් යටිතල පහසුකම් ලබා දීම්, වන්නි පලාතේ බිඳවැටුනු අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා පාසල් ඉදිකිරීම් හා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම් ඇතුළු සාමාජීය කාර්යයන් රැසක් ඉටුකර තිබේ.

එමෙන්ම ප්‍රදේශයේ ආගමික සංහිදියාව වර්ධනය කිරීම වෙනුවෙන් වෙහෙර විහාරස්ථාන හා පල්ලි කොවිල් ගොඩනැගීමට දායක වීම,  සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු ජාතීන්ට එක ලෙස සලකමින් විවිධ වූ ආධාර ලබා දෙමින් දිළිඳුකම පිටු දැකීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැනි කටයුතු රැසක් ඉටුකල ශේෂ්ඨ සේනාධිනායකයෙකු වශයෙන් ඔහු වන්නි ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී ඇත.

ආඥාපතිවරයාවීමට පෙර යුද සමයේ මුලතිව් වනාන්තරයේදී ඔහුගේ හිසට කොටි වෙඩි පහරක් එල්ල වුවුද එයින් පැළඳ සිටි හිස් වැසුම පමණක් පසාරු කරගෙන ගිය අතර වෙඩි උණ්ඩයෙන් හිසට හානියක් නොවීම, එම වනාන්තරයේම පීඩන බොම්බයක් උඩ සිට ගත්ත ද බොම්බයට අවැසි තරම් වූ පීඩනය නොවීම හේතුවෙන් පුපුරා නොයාම, යාපනය මණ්ඩතිව්හිදී පැවති සටන්වලදී වෙඩි උණ්ඩ 02ක් සංග්‍රාමික ඇඳුමෙහි කමිස අතට වැදුනද එයින් සුලු තුවාලයක් හැරෙන්නට කිසිදු හානියක් නොවීම යන අවස්ථාවලදී ඔහුගේ ජීවිතය බේරී ඇත්තේ අනූනවයෙනි.

මණ්ඩතිව්හිදී කොටි සාමාජිකයින් විසින් නිවසක් තුල සිට පැමිණෙන බොනිපස් පෙරේරා වත්මන් ආඥාපතිවරයාට අත් බොම්බ ප්‍රහාරයක් එල්ල කලද බෝම්බය නිවසේ ජනෙල් කූරුවල වැදී නිවස තුලටම වැටීමෙන් ත්‍රස්තවාදීන් විනාශ වී තිබේ.

මෙවැනි වූ සිදුවීම් රැසකින් දිවි බේරාගත් වන්නි ආඥාපතිවරයා වන්නි පලාතේ සිදුකළ සේවය අමිලය.

තමන් සිය සේවා කාලය අවසන් කොට වෙනත් ස්ථානයක රාජකාරී කටයුතු සඳහා යන බවට ජනතාවට දැනුම් දීමට වන්නිආඥාපතිවරයා ඊයේ (01) සවස වන්නි දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මාන රැසකට ගිය අවස්ථාවේදී එහි සිටි වැසියන් හඩා වැලපෙමින් සතුටද දුකද කියා සිටියේ තමන්ට නැවත ජීවිතයක් ලබා දීම ගැන තුති පුදමින් හා තමන්ගෙන් සමු ගැනීම නිසා දුක් වෙමිනි.

මේ අනුව නව වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා වශයෙන් මේජර් ජෙනරල් ජේ.ආර්. කුලතුංග මහතා වැඩ භාර ගැනීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වේ.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආඥාපති ජන හදවත් හඬවමින් වන්නියේ සේවයට සමුදෙයි (PHOTOS)
ආඥාපති ජන හදවත් හඬවමින් වන්නියේ සේවයට සමුදෙයි (PHOTOS)
http://ift.tt/2ecOLj1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/photos_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/photos_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy