හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමාට කතා කර ඇතැම් කාර්යයන් පවරන බවත් ඒවාද ඉටුකිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවස...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමාට කතා කර ඇතැම් කාර්යයන් පවරන බවත් ඒවාද ඉටුකිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ වාර්ෂික සැසිවාරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී අද (16දා) පැවැති අතර, එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
විධායක ජනාධිපති බලතල සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තම බලතල ඉවත් කර ගත්තා. බලතල පූජාකළා. අනුන්ගේ බලතල තමන්ට ගන්න බැලුවේ නැහැ. අද ජනාධිපතිවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවේදී මෙන්ම පිටතදීත් කතා කරන්න පුළුවන්. ජනාධිපතිවරයාගේ සෙසු බලතල ද අහෝසි කිරීමට රජය සූදානම්. ඒ සඳහා නීති කෙටුම්පත් සකස් කරමින් සිටිනවා."
“හිටපු ජනාධිපතිවරයා මගෙත් මිත‍්‍රයෙක්. මට දුරකථන ඇමතුම් ලබාදීලා එක එක වැඩ පවරනවා. ඒවත් මම කරලා දෙනවා.“ යනුවෙන් වැඩිදුරටත් පැවසී ය.
COMMENTS