දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඊයේ (07) රාත්‍රියේ යලි දිවයිනට පැමිණියේය. ජන...
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඊයේ (07) රාත්‍රියේ යලි දිවයිනට පැමිණියේය.
ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී 10.00ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 196 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට ළඟාවී තිබේ.
මේ අතර ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ ඉන්දියාවේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති කපිල වස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැද පුදා ගත්තේය.
අනතුරුව ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස ඉන්දීය ජාතික කෞතුකාගාරය නැරඹීමට ද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
ඉන් පසු ජනාධිපතිවරයා ඉන්දියානු මහබෝධි සමාගමේ නවදිල්ලි මධ්‍යස්ථානය වෙත පැමිණියේය.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගෙන් පසුව එහි සංචාරය කළ ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.
ජනාධිපතිවරයා, එහි විහාරාධිපති පූජ්‍ය රත්මල්වල සුමිත්තානන්ද හිමියන් සමඟ සුහද කතාබහක නිරත වී ඇති අතර උන්වහන්සේ ජය පිරිත් දේශනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කර තිබේ.
එහිදී මල් පහන් පූජා කර ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා විහාරස්ථාන පරිශ්‍රයේ ඇති අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
COMMENTS