දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාවය ඇතුළු මාධ්‍යවල විවේචනවලට ජනපති පිළිතුරු දෙයි
Homeප්‍රවෘත්ති

රාවය ඇතුළු මාධ්‍යවල විවේචනවලට ජනපති පිළිතුරු දෙයි

PropellerAds

දුෂිතයන් වටා පමණක් නොව යහපත් රටක් වෙනුවෙන් අප ඉලක්ක කොට ගත් සියලු අරමුණු වටා වළලු සෑදී ඇති බවත් එසේ වුවද, ඒ සියල්ල ජයගැනීමට අවශ්‍ය ආත්මශක්...

මැතිවරණය පෙර දිනයේත් හදිසි විදුලි මිලදී ගැනීමකට පැවති රජය උත්සාහ කරලා !
‘වෙන පක්‍ෂයක් හදන්න බෑ’ – සජිත් පිල අලි අමාරුවක දමමින් සජිත් කියයි
sajith premadasa
රාවය ඇතුළු මාධ්‍යවල විවේචනවලට ජනපති පිළිතුරු දෙයි

දුෂිතයන් වටා පමණක් නොව යහපත් රටක් වෙනුවෙන් අප ඉලක්ක කොට ගත් සියලු අරමුණු වටා වළලු සෑදී ඇති බවත් එසේ වුවද, ඒ සියල්ල ජයගැනීමට අවශ්‍ය ආත්මශක්තිය තමා සතුව ඇති බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, රාවය පුවත්පතට තිස් වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ (15) සන්ධ්‍යාවේ පැවති විද්වත් කථිකාවට එක්වෙමිනි.

රාවය ඇතුළු මාධ්‍යවල නිර්ධය විවේචනයන්ට තමා නිරතුරුව මුහුණදෙන බව පැවසු ජනාධිපතිවරයා සියලුදෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන ලස්සන රටක් දැකීම රාවයේ මෙන්ම තමාගේත් අරමුණ බවත් ඒ අරමුණු වෙනුවෙන් යන ගමනේදී සහයෝගයෙන් හා අවබෝධයෙන් යුතුව යන්නේ නම් එය වඩාත් පහසුවනු ඇති බවත් සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිකම තමා භාරගැනීම වික්ටර් අයිවන් මහතා ප‍්‍රමුඛ දිගුකාලීන මිතුරන් බොහෝදෙනෙකුගේ දැඩි විවේචනයට ලක් වුව ද, දහ නව වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම ඇතුළු යහපාලන රජයේ අපේක්ෂා ඉටුකර ගැනීමට ඉන් ලැබුණු සහාය අවතක්සේරු කළ නොහැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය. ජනවාරි 8 ජයග‍්‍රහණයෙන් පසුව දින සියයේ වැඩපිළිවෙළ තමාට භාරදුන්නේ විපක්ෂයට වැඩි බලයක් ඇති පාර්ලිමේන්තුවක් සමග බව කී ජනාධිපතිවරයා එම අභියෝගය ජයගැනීමට තමාගේ පක්ෂ සභාපතිකම පිටිවහලක් වූ බව අමතක නොකළ යුතු බව ද සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, ජාතික ලැයිස්තුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් පත්කිරීම පිළිබඳව දැඩි විවේචන එල්ල වුවද එම පිරිස මැතිවරණයෙන් පරාජය වූයේ, හිටපු නායකයින්ගේ සංවිධානාත්මක ප‍්‍රචාරක වැඩපිළිවෙළින් බවත් දින සියයේ වැඩපිළිවෙළ ඉටුකර ගැනීමට මෙන්ම ඉදිරි පියවරවලදීත් පක්ෂයේ විශ්වාසවන්ත කණ්ඩායමක් තමා වටා සිටීම අත්‍යවශ්‍ය බවත් ය.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ඇතුළු මැතිඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පුවත්පත් හිමිකරුවන් සහ මාධ්‍යවේදීන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාවය ඇතුළු මාධ්‍යවල විවේචනවලට ජනපති පිළිතුරු දෙයි
රාවය ඇතුළු මාධ්‍යවල විවේචනවලට ජනපති පිළිතුරු දෙයි
http://ift.tt/2eCF3LO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_635.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_635.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy