රට තුළ නොසන්සුන්කාරී සහ කැළඹිලි තත්ත්වයන් ඇති කරන පිරිස් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රජය ප්‍රකාශ කරයි. රජයේ ප්‍රවෘත්ති දෙ...
රට තුළ නොසන්සුන්කාරී සහ කැළඹිලි තත්ත්වයන් ඇති කරන පිරිස් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රජය ප්‍රකාශ කරයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ වනවිටත් ඊට අදාළ උපදෙස් පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත ලබාදී ඇති බවයි.
පසුගියදා බියගම, මාවරමණ්ඩිය බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් පදනම් කරගෙන මෙම නිවේදනය නිකුත් කර තිබේ.
එම නිවේදනයෙහි සඳහන් වන්නේ එදින එම ස්ථානයට කඩා වැදී කඩාකප්පල්කාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ ගොඩනැගිල්ල විවෘත කිරීමට තිබුණත් බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු පිරිසක් ඊට පෙර පැමිණ ගොඩනැගිල්ල විවෘත කරන ලද අතර එවිට දෙපිරිස අතර කලහකාරී තත්ත්වයක් හටගැනුණි.
ඒ අනුව පොදු දේපළ විනාශ කිරීම, අයුතු ජන රාශිය, රජයේ නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම යන චෝදනා යටතේ ඔවුන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එම නිවේදනය පහතින්.
COMMENTS