ප්‍රවීන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනා ගැනීම සඳහා පොලිසිය විසින් මහජන සහාය පතනු ලැබේ. පොලිස් මුලස...
ප්‍රවීන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනා ගැනීම සඳහා පොලිසිය විසින් මහජන සහාය පතනු ලැබේ.
පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව ඝාතනයට සැක කරන පුද්ගලයකුගේ ඡායාරූපයක් පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ චිත්‍ර ශිල්පීන් මාර්ගයෙන් සිතුවමට නගා ඇති බව ය.
වයස අවුරුදු 35ක් පමණ පෙනුමැති, අදාල පුද්ගලයාගේ උස අඩි 05යි අඟල් 08ක් පමණ වන අතර ඔහුට දුඹුරු පැහැති දිගටි ඇස් ඇති බව ද පොලිස් මුලස්ථානය සඳහන් කළේ ය.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් දන්නේ නම් 011- 242 2176, 011-2380380, 071-8305528, 071-8349505, 077-3291500 හා 071-8070207 යන දුරකථන අංක වලට දැනුම් දෙන මෙන් පොලිස් මුලස්ථානය ඉල්ලා සිටි.
COMMENTS