දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රැකියා විරහිත උපාධිධාරීන් අයවැයෙන් ස්ථීර විසඳුමක් ඉල්ලයි
Homeප්‍රවෘත්ති

රැකියා විරහිත උපාධිධාරීන් අයවැයෙන් ස්ථීර විසඳුමක් ඉල්ලයි

PropellerAds

රැකියා විරහිත උපාධිධාරීන් නියෝජනය කරමින් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලිපියක් යොමුකොට තිබේ. ඔව...

ඇමරිකානු රාජ්‍ය ලේකම් අද ජනපති හමුවේ – ආරක්‍ෂාව සඳහා ඇමෙරිකාවේ ප්‍රබල සන්නද්ධ වාහනයක් විශේෂ යානයකින් ලංකාවට ගෙනත් !
මියගිය කොරෝනා රෝගී කාන්තාවට ප්‍රතිකාර කළ හෙදියට අත්වූ ඉරණම
මියගිය කොරෝනා රෝගී කාන්තාවට ප්‍රතිකාර කළ හෙදියට අත්වූ ඉරණම
රැකියා විරහිත උපාධිධාරීන් අයවැයෙන් ස්ථීර විසඳුමක් ඉල්ලයි

රැකියා විරහිත උපාධිධාරීන් නියෝජනය කරමින් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලිපියක් යොමුකොට තිබේ.

ඔවුන් එමඟින් ඉල්ලා සිටින්නේ දිවයින පුරා සිටින 40,000කට ආසන්න රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා අවස්ථා හිමිවන ස්ථීර විසඳුමක් මෙවර අයවැයෙන් ලබාදෙන ලෙසයි.

එම ලිපිය පහතින්.

ගරු මුදල් අමාත්‍ය,

රවී කරුණානායක මැතිතුමා,

මුදල් අමාත්‍යංශය.

ගරු මුදල් ඇමතිතුමනි.

රැකියාවිරහිත උපාධිධාරීන්ට රැකියා අවස්ථා හිමිවන ස්ථීර විසදුමක් මෙවර අය වැයෙන් අවශ්‍යයි. 

ආණ්ඩුව අවසන් වරට රැුකියාවිරහිත උපාධිධාරීන් බඳවාගනු ලැබුවේ 2012/03/30 දිනට උපාධිය සහිත පිරිස පමණි. 2012/07/01 සිට අද දක්වා ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහි වූ අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන් විශාල ප‍්‍රමාණයක් මේ වන විට රැකියාවිරහිත භාවයෙන් සිටින බව අපි ඉතා වගකීමේන් පෙන්වා දෙමු. එම ප‍්‍රමාණය 40000 කට ආසන්න බව වාර්තා වේ. 

අද අපේ රට ආර්ථික වශයෙන් ඉතා පහළ මට්ටමකට පත්ව ඇති බව පිළිගත යුතුව ඇත. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවට යැපුම් ආර්ථිකයක ගොදුරක් බවට රටත්, ලාංකීය සමාජයත් පත්වෙමින් සිටි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ආර්ථිකය ගොඩ නඟන බවට විවිධ ප‍්‍රසිද්ධ දේශපාලන කථා පැවැත්වුවත් අපේ රටේ ආර්ථිකය ගොඩනැගිය හැකි සැබෑ සම්පත් හඳුනා නොගැනීම අභාග්‍යයකි. රටේ සිටින උගත් බුද්ධිමත් දියුණු මානව ප‍්‍රජාව දැවැන්ත මානව සම්පතක් ලෙස යොදා නොගන්නේ මන්ද යන්න ගැටළුවකි. අපේ රටේ උගත් බුද්ධිමත් මානව ප‍්‍රජාව බුද්ධිගලනය හරහා විදේශීය රටවල සංවර්ධනය උදෙසා සිය බුද්ධිමය දායකත්වය ලාබාදෙමින් සිටි.

එම නිසා ඇතිවී තිබෙන අර්බුධයද සැලකිල්ලට ගනිමින් 2017 වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලබන අය වැය යෝජනා අතරට අප මධ්‍යස්ථානය මගින් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරමු. නොවැම්බර් 10 වන දින ඉදිරිපත් කිරීමට නියමිත අය වැය තුල රැකියාවිරහිත උපාධිධාරී ගැටළුවට විසඳුමක් බලාපොරෝත්තු වන අතර විසඳුමක් නැතොත් සමස්ථ රැකියාවිරහිත උපාධිධාරීන්ගේ රැකියා අයිතිය වෙනුවෙන් අරගල කිරීමට සිදුවන බවත් වගකීමෙන් ප‍්‍රකාශ කරමු.

අය වැය යෝජනා

01. දැනට මධ්‍යම රජයේ හා පළාත් රාජ්‍ය සේවය තුල සංවර්ධන නිලධාරී සේවාවේ ඇතිවී තිබෙන පුරප්පාඩු රැකියාවිරහිත උපාධිධාරීන්ගෙන් පිරවීම සඳහා භාණ්ඩාගාර අනුමැතිය ලබාදීම.

02.  ජාතික පාසල්/පළාත් පාසල්වල තවදුරටත් පවතින ගුරු පුරප්පාඩු රැකියාවිරහිත උපාධිධාරීන්ට ප‍්‍රමුඛතාවය ලැබෙන පරිදි බඳවා ගැනීමට අනුමැතිය ලබාදීම.

03. විශ්වවිද්‍යාල මගින් පිටවන අභ්‍යන්තර හා බාහිර උධිධාරීන්ගේ තොරතුරු රැස්කිරීම සඳහා ජාතික කාර්යංශයක් ඇති කිරීම හා දේශීය විදේශීය රැකියා අවස්ථාවන්ට සුදුස්සන් බවට පත්කිරීම සඳහා ජාතික පුහුණු කාර්ංශයක් ඇති කිරීම.  

04. රැකියාවිරහිත උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීම.

ස්තූතියි,

මෙයට විශ්වාසී,   

චන්දන සූරියආරච්චි

කැඳවුම්කරු, 

උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රැකියා විරහිත උපාධිධාරීන් අයවැයෙන් ස්ථීර විසඳුමක් ඉල්ලයි
රැකියා විරහිත උපාධිධාරීන් අයවැයෙන් ස්ථීර විසඳුමක් ඉල්ලයි
http://ift.tt/2f95Fkp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_42.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_42.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy