අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 8ක් හෙට (16) සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. දේශපාලන අවශ්‍යතා පදනම් කර ගන...
අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 8ක් හෙට (16) සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
දේශපාලන අවශ්‍යතා පදනම් කර ගනිමින් සෞඛ්‍ය සේවයේ තෝරාගත් වෘත්තීන්වල වැටුප් ව්‍යුහය වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව පවසමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇත.
මේ හේතුවෙන් රජයේ රෝහල්වල සිදුකෙරෙන හෘද සැත්කම් අඩාල විය හැකි බව කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
කෙසේ වෙතත්, මානුෂිය පදනම මත සලකා මහරගම පිළිකා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු අත්‍යවශ්‍ය සේවා සිදුකෙරෙන රෝහල් 06ක වැඩ වර්ජනය ක්‍රියාත්මක නොකරන බව හෙතෙම වැඩිදුරටත් පැවසී ය.
COMMENTS