ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආබාධිත රණවිරුවන් විසින් සිදුකළ විරෝධතාව අතරතුර ඇසකට තුවාල සිදුවූ හමුදා සෙබලා, ප්‍රතිකාර සදහා වෛද්‍ය නිර්දේශ මත...
ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආබාධිත රණවිරුවන් විසින් සිදුකළ විරෝධතාව අතරතුර ඇසකට තුවාල සිදුවූ හමුදා සෙබලා, ප්‍රතිකාර සදහා වෛද්‍ය නිර්දේශ මත විදේශ රටකට රැගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට යුද හමුදාව තීරණය කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ එහිදී තුවාල ලැබූ වයි.කේ.ඩී.එන් මහීරාජ් මහතාට කොළඹ අක්ෂි රෝහල වෙතින් හා යුද හමුදා රෝහල වෙතින් විශේෂ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වනවිට ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇති බවයි.
COMMENTS