මඩකලපුව සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යාමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත...
මඩකලපුව සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යාමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනට ගිනිකොණ දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුලු පද්ධතිය හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවන බවටද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 – 80 ක් පමණ දක්වා ඉහළ යාමට ඉඩකඩ පවතී.
ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ඉතා රලු විය හැකි බවට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඔවුන් ඉල්ලීමක් කරයි.
COMMENTS