කාසල් වීදිය කාන්තා රෝහල පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් ඇතැයි නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය පවසයි. එහි කැඳවුම්කරු වෛද්‍ය ගිෂාන්...
කාසල් වීදිය කාන්තා රෝහල පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් ඇතැයි නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය පවසයි.
එහි කැඳවුම්කරු වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා ප්‍රකාශ කළේ මෙවර අයවැයේ ඇතුළත් යෝජනාවකින් ඒ බව අනාවරණය වන බවයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු කියාසිටියේ නිදහස් සෞඛ්‍ය සේවාව රට තුළ ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීතාව මත ඉදිරි වර්ෂයේදී මෙම රෝහල නවීන තාක්ෂණයට අනුකූලව රුපියල් මිලියන 3000 ක් යොදා වැඩි දියුණු කරනු ලබන බව අයවැය තුළින් අමාත්‍යවරයා සඳහන් කළ බවයි.
මෙහි නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට පෞද්ගලික සහයෝගීතාවය ලබා ගැනීම කියන කරුණ මත මෙම ගැටලුව පැන නැගී ඇති බව ඔහු අවධාරණය කළේය.
මාර්ග අනතුරුවලට ලක්වන්නන්ගේ ප‍්‍රතිකාර සඳහා රක්ෂණ සමාගම්වලින් මුදල් ලබාගැනීමට අයවැයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව ද ඔහු මෙහිදී විවේචනයට ලක් කළේය.
පාසල් ළමුන් සඳහා අයවැයෙන් යෝජිත රක්ෂණ ක‍්‍රමය ද සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කිරීමේ සැලසුමේ තවත් එක් අවස්ථාවක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
COMMENTS