දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපති ධූරයට
Homeගොසිප්

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපති ධූරයට

PropellerAds

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපති ධූරයට ඊයේ 8 පැවති 2016 ඇමරිකානු ජනපතිවරණයෙන් මේ වනවිට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ජයග්‍රහණය ලබාගන්නට රිපබ්ලි...

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තබයි.
SLFP හෝ JVPයට ඡන්දය දෙන්නැයි රන්ජන් ඉල්ලයි.
විදුහල්පතිනිය දණ ගැස්වූ මහ ඇමති පොලිසියට බාර වෙයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපති ධූරයට

ඊයේ 8 පැවති 2016 ඇමරිකානු ජනපතිවරණයෙන් මේ වනවිට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ජයග්‍රහණය ලබාගන්නට රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්ව ඇත.ලෝකයේ බලවත්ම රාජ්‍යයේ ජනපතිවරයා බවට පත්වන්නට ඔහු ලබාගත යුතු සියයට 50 වන 270 ආසන ගණන ඉක්මවා යන්නට ඔහුට අවසාන ප්‍රතිඵල ලැබුණ විස්කොසින් මිචිගන් පෙනිසුල්වේනියා හා ඇලස්කා ප්‍රාන්ත ජය අනුව හැකි විය.
බොහෝ ජන මතු විමසුම් පරාජය කරමින් ප්‍රතිවාදිනිය හිලරි ක්ලින්ටන් අභිබවා ජනපති ධූරයට පත්වන ඔහුගේ දිවුරුම් දීම ලබන ජනවාරියේදී සිදුවනු ඇත.
අමෙරිකානු ඉඩම් අලෙවිකරණ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පතාක යෝධයෙකු වන ට්‍රම්ප් රූපවාහිනී ඉදිරිපත් කරන්නෙක්, කතෘවරයෙක් වන අතරම සූදු හා හෝටල් ව්‍යාපාර සමූහයකද හිමි කරුවෙකි. ඔහුගේ සමාගම යටතේ 22000 ක් පමණ රැකියාවේ යෙදෙන අතර
මේ වනවිට ඔහුගේ දරුවන් එම ව්‍යාපාර බලා කියා ගනිමින් සිටී.

1946 ජූනි 14 වනදා උපත ලද ට්‍රම්ප් නිව්යෝක් නුවර ඉඩකඩම් සංවර්ධකයෙකු වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප්ගේ පුත්‍රයෙක් වූ අතර 1968 දී පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ වෝටන් පාසලෙන් තම උපාධිය ලැබීමෙන් අනතුරුව පියාගේ සමාගමට එක්වී එය වැඩිදියුණු කළේය. ඔහු එන්.බී.සී. රුපවාහිනියේදි


අප්‍රෙන්ටිස් නමැති ජනප්‍රිය රියැලිටි වැඩසටහනද 2004 සිට 2015 දක්වා මෙහෙයවා ඇත.

2000 දී එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදීම ආරම්භ කල ඩොනල්ඩ් ට්‍රම්ප් මිනිසුන් විසින් ඡන්දය දීමට පෙර එයින් ඉවත් වුවද රිෆෝම් පක්ෂ ඡන්ද විමසීම් දෙකකින් ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය. 2015 ජූනි 16 වැනිදා, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමා 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබුණි.

ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය නොයෙකුත් මඩ අවලාද මැද ඉදිරියට ආ අතර ඇතැම් තැනක ඔහුගේ නිරුවත් රූප පවා තබමින් අපහාස කිරීම් ඇති විය.
ඔහුගේ විවාහයන් 3 ගැනත් දරුවන් ගැනත් කතා ඇති විය. එසේම ඔහු ස්ත්‍රී දූෂකයෙකු ලෙසද මඩ අවලාද නැගිණි.
ට්‍රම්ප් හට විවාහයන් තුනකින් දරුවන් පස් දෙනෙක් සිටින අතර ඔහුට සිටින මුණුබුරන් ගණන අට දෙනෙකි.


ඔහුගේ පළමු විවාහයන් දෙක දික්කසාදයෙන් කෙළවර වූ අතර එම සිදුවීම් ටැබ්ලොයිඩ් මාධ්‍ය හරහා පසුගිය දිනවල ප්‍රසිද්ධ විය. ට්‍රම්ප්ගේ දරුවන් තිදෙනෙකු ට්‍රම්ප් සංවිධානයෙහි විධායක උපසභාපති වරුන් ලෙස කටයුතු කරන්නෝය. ‍

ට්‍රම්ප් ප්‍රෙස්බිටේරියානු සභාවට අයත් කතෝලික අයෙකි. ට්‍රම්ප් පවසන ආකාරයට ඔහු විසින් කිසිදා දුම්වැටි මත්ද්‍රව්‍ය පරිභෝජනය කර නොමැත. ඔහු මත්පැන් පානය කරන්නේද නැත. විසබීජ වලට ඇති බියක් නිසා අන් අය සමග අතට අතදී ආචාර කිරීමට වැඩි කැමැත්තක් ඔහු නොදක්වන බවද පැවසේ.
ඔහුගේ පාලනය ඇමරිකාව නව දිශාවකට යොමු කරනු ඇතැයි අනාවැකි පළවේ.
ISIS සංවිධානය කඩිනමින් පරාජය කිරීම අනිවාර්ය බව ඔහු පවසා ඇත.
ඔහු සුළු ජාතිකයින්ට වි‍ශේෂයෙන් මුස්ලිම් ප්‍රජාවට හිසරදයක් වනු ඇතැයි ඔහු කළ කතාවලින් ඒත්තු ගන්වා ඇත.

NAFTA සහ TPP වැනි වෙළඳ ගිවිසුම් වලට ඔහු විරුද්ධත්වය පළ කර ඇත.
බදු කප්පාදු කිරීම් වැනි දෑද සිදු කරන බව ට්‍රම්ප්ගේ දේශපාලන වේදිකාවේදී කියැවුණි.
ට්‍රම්ප්ගේ පවුලේ ඡායාරූප කිහිපයක් පහතින්








Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29328,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපති ධූරයට
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපති ධූරයට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJ9R_au7bmpW7SK8Ti1rmj7wFaQO_dE6ECqSEAJ65vM2iadqPIg_nzkjcxGrfSc0CBTBmPu6QDlO0sfCWCNQQ2kLGDOC-Vqbss1cK5-BKz1HRPnvnl-Qi_qkdLRcCOClc_6fXf9UvqFAY/s1600/donald_trump149-620x412.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJ9R_au7bmpW7SK8Ti1rmj7wFaQO_dE6ECqSEAJ65vM2iadqPIg_nzkjcxGrfSc0CBTBmPu6QDlO0sfCWCNQQ2kLGDOC-Vqbss1cK5-BKz1HRPnvnl-Qi_qkdLRcCOClc_6fXf9UvqFAY/s72-c/donald_trump149-620x412.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_142.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_142.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy