ශ්‍රී ලංකා රජය හා සිංගප්පූරුව අතර අද (23) දිනයේ දී නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබිණි. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම ගිවිසුම් අත්සන් ත...
ශ්‍රී ලංකා රජය හා සිංගප්පූරුව අතර අද (23) දිනයේ දී නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබිණි. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම ගිවිසුම් අත්සන් තැබීම සිදුවිය.
සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ සිංගප්පූරු ජනරජයේ වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඉස්වරන් යන මහත්වරුන් දෙරට වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් කරන ලදී.
භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, සේවා නිදහස්කරණය, ආයෝජන, රාජ්‍ය ප්‍රසම්පාදන, තරගකාරිත්වය ආදී ක්ෂේත්‍රවලට අදාළ විධිවිධාන මෙම නිදහස් වෙළඳ ගිවිසුමේ ඇතුළත් වේ.
COMMENTS