දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැති ඇමතිවරුන්ට වාහන ගන්න කෝටි 79ක් ඉල්ලයි
Homeදේශපාලන

මැති ඇමතිවරුන්ට වාහන ගන්න කෝටි 79ක් ඉල්ලයි

PropellerAds

ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් සහ විපක්ෂ නායකවරයා වෙනුවෙන් වාහන විසි අටක් මිලදී ගැනීම සඳහා රුපියල් හැත්තෑ නවකෝටි පහළොස් ලක්ෂයක මුදලක් ඉල්ලා සභාන...

හානී වූ මාර්ග කඩිනමින් යථා තත්ත්වයට.
ගමට පාර කපන ඇමති (PHOTOS)
යලිත් හෙට සිට තද වැසි.


ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් සහ විපක්ෂ නායකවරයා වෙනුවෙන් වාහන විසි අටක් මිලදී ගැනීම සඳහා රුපියල් හැත්තෑ නවකෝටි පහළොස් ලක්ෂයක මුදලක් ඉල්ලා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට පෙරේදා (26)  ඉදිරිපත් කෙරිණි.

කැබිනට් ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් විසි හත්දෙනෙකු සහ විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා වෙනුවෙන් මෙලෙස නව වාහන 28 ක්  මිලදී ගැනීමට මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් වී තිබේ.

අංක සී.එස්.ඒ 16 හා 2016.05.18 දිනැති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛය අනුව මෙම ප්‍රතිපාදන ඉල්ලා ඇති අතර, මෙයට අදාළව මෙම මුදල් අනුමත කරන ලෙසට යෝජනා 22 ක්  ඇතුළත්ය. නව වාහන ඉල්ලා ඇති අය අතර ඇමතිවරුන් හත් දෙනෙකු, නියෝජ්‍ය ඇමතිවරුන් දොළොස් දෙනෙකු, රාජ්‍ය ඇමතිවරුන් අට දෙනෙකු සහ විපක්ෂනායකවරයාද වෙයි.

ඒ අනුව මහා නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයාට වාහන දෙකක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක්, උසස් අධ්‍යාපන හා මහාමාර්ග රාජ්‍ය ඇමතිවරයාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක මුදලක්, ස්වදේශ කටයුතු ඇමතිවරයාට (මුදලින් කොටසක්) රුපියල් ලක්ෂ හැත්තෑවක්, විදේශ රැකියා නියෝජ්‍ය ඇමතිවරයාට වාහනයක් මිලදීගැනීම වෙනුවෙන් (මුදලින් කොටසක්) රුපියල් ලක්ෂ හැත්තෑවක් සහ මුදල් රාජ්‍ය ඇමතිවරයාට රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් ඉල්ලා තිබේ.

තවද විදේශ රැකියා අමත්‍යවරයාට (මුදලින් කොටසක්) රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්, තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය ඇමතිවරයාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය ඇමතිවරයාට (මුදලින් කොටසක්) හැත්තෑ පන්ලක්ෂයක්, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමතිවරයාට රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක්ද වෙන් කරන ලෙස ඉල්ලා ඇත.



ඊට අමතරව විපක්ෂ නායකවරයාට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්ද, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමතිවරයාට වාහන දෙකක් සඳහා රුපියල් කෝටි 07 ක මුදලක්ද, උසස් අධ්‍යාපන හා මහාමාර්ග රාජ්‍ය ඇමතිවරයාට තවත් වාහනයක් මිලදීගැනීමට තවත් තුන්කෝටි පනස් ලක්ෂයක්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමතිවරයාට හා නියෝජ්‍ය ඇමතිවරයාට වාහන දෙකක් සඳහා රුපියල් කෝටි හතක මුදලක්ද, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමතිවරයාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්ද ඉල්ලා ඇත.

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමතිවරයාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්ද, වරාය හා නාවික කටයුතු ඇමතිවරයාට හා නියෝජ්‍ය ඇමතිවරයාට වාහන දෙකක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතක මුදලක්ද, ධිවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමතිවරයාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්ද, ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමතිවරයාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්ද, කාන්තා හා ළමා කටයුතු ඇමතිවරියට සහ නියෝජ්‍ය ඇමතිවරියට වාහන දෙකක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතක මුදලක්ද, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය ඇමතිවරයාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් මෙන්ම විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමතිවරයාට සහ රාජ්‍ය ඇමතිවරයාට වාහන දෙකක් සඳහා රුපියල් කෝටි හතක් ලබාගැනීම වෙනුවෙන් මෙම පරිපූරකය ඉදිරිපත් කර තිබේ



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29538,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැති ඇමතිවරුන්ට වාහන ගන්න කෝටි 79ක් ඉල්ලයි
මැති ඇමතිවරුන්ට වාහන ගන්න කෝටි 79ක් ඉල්ලයි
http://ift.tt/2fqBkRP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/79.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/79.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy