දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

හානී වූ මාර්ග කඩිනමින් යථා තත්ත්වයට.

දිවයින පුරා දැනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක රැසක ගමනාගමනට සිිදුව ඇති බාධාවන් ඉවත්කර මාර්ග යථා තත්ත්වයට පත්කිරීමට...


දිවයින පුරා දැනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක රැසක ගමනාගමනට සිිදුව ඇති බාධාවන් ඉවත්කර මාර්ග යථා තත්ත්වයට පත්කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය දැනටමත් කඩිනම් පියවර ගෙන තිබේ.

විශේෂයෙන්ම කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට යන ප‍්‍රදේශවල ගංවතුර හා නායයාම් හේතුවෙන් මාර්ග පද්ධතියට සිදුව ඇති අවහිර වීම් හා හානිවීම් පිළිබඳ තොරතුරු එ් එ් ප‍්‍රදේශවල පළාත් අධ්‍යක්ෂවරුන් හරහා මේ වනවිටත් ලබා ගනිමින් පවතින අතර එ් අනුව අදාළ ප‍්‍රදේශයන් වෙත සහන සැලසීම කඩනම් කිරීම උදෙසා එම මාර්ග ගමනාගමනයට සුදුසු පරිදි යථා තත්වයට පත්කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර තිබේ.

ආපදාවට පත්ව ඇති ප‍්‍රදේශවල දිස්ත‍්‍රික් ලේකම්වරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂවරුන් සහ ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරියේ සම්බන්ධීකරයෙන් මෙම නඩත්තු කටයුතු මේ වන විටත් සිදු කෙරෙන අතර උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයාගේ විශේෂ ඉල්ලීම පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය හා එක්ව කටයුතු කරන ඉදිකිරීම්කරුවන් නොමිලේම තමන් සතු යන්ත‍්‍ර සූත‍්‍ර මෙම මාර්ග යථාතත්වයට පත්කිරීම වෙනුවෙන් ලබා දීමට කටයුතු කර ඇත.

දැනට පවතින ආපදා තත්වය හේතුවෙන් කඩිනමින් ගමනාගමනයට විවෘත කල යුතු මාර්ග හඳුනාගනිමින් එම මාර්ගවල සිදුව ඇති පස්කඳු කඩා වැටීම් සහ ගල් ආදිය ඉවත් කිරීම කඩිනමින් සිදුකෙරෙමින් පවතින අතර ඉදිරියේදී විධිමත් තක්සේරුවකින් අනතුරුව එම මාර්ගවල අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කටයුතු නිසි අයුරින් සිදු කිරීමටද මාර්ග සවර්ධන අධිකාරිිය කටයුතු සූදානම් කර ඇත.

දිවයිනේ  ඕනෑම ප‍්‍රදේශයක ආපදාවට පත්ව ඇති මාර්ග පිළිබඳව, මාර්ග සංවර්ධන අධිකාරියේ 1968 සහ 1969 ක්ෂණික දුරකථන අංක ඔස්සේ දැනුම් දීමෙන් අදාළ මාර්ග කඩිනමින් යථාත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර  ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය පැය 24 පුරා සූදානමින් සිටි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29539,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හානී වූ මාර්ග කඩිනමින් යථා තත්ත්වයට.
හානී වූ මාර්ග කඩිනමින් යථා තත්ත්වයට.
http://ift.tt/2scpgFV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_128.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_128.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy