දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ගමට පාර කපන ඇමති (PHOTOS)

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගියදා ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් රට පුරා දිස්ත්‍රික්ක හතක දැඩි ආපදා තත්වයක් ඇතිවූ අතර එයින් කළුතර, මාතර ...



අයහපත් කාලගුණය හේතුවෙන් පසුගියදා ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් රට පුරා දිස්ත්‍රික්ක හතක දැඩි ආපදා තත්වයක් ඇතිවූ අතර එයින් කළුතර, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වල ජනතාව බොහෝ අපහසුතාවන්ට පත්විය.

මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයට තිබූ ප්‍රවේශ මාර්ග පවා අහිමිවූ අතර මාර්ගය ස්ථාන කිහිපයකින් නාය ගොස් තිබුණි. එම නිසා ආපදා කණ්ඩායම්වලට පවා යාමට අපසුවූ අතර එම ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා මෙන්ම වත්මන් රජයේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයාද වන සාගල රත්නායක මහතා දින කිහිපයක තිස්සේ තම ජනතාවගේ සුව දුක් දැකබලා ගැනීමට යාමට නොහැකිව සිටියේය. අනතුරුව ඊයේ දිනයේදී එම ප්‍රදේශය වෙත ගිය ඇමතිවරයා මුලින්ම තම ප්‍රදේශයට පැමිණීමට විකල්ප ප්‍රවේශ මාර්ගයක් ඉදිකිම පිළිබද අවදානය යොමුකර අදාල අංශ සමග එක්වී එම කටයුතු සාර්ථකව මේ වනවිට සිදුකරමින් පවතින බව දැනගන්නට ලැබී තිබේ. අමාත්‍යවරයා තම මුහුණු පොත් පිටුවෙහි සටහනක් තබමින් මේ වනවිට දෙනියාය ප්‍රදේශයේ තත්වයද රටට පෙන්වා දී ඇත.

අදාල සටහන හා ජායාරුප පහතින්

"මේවනවිට දෙනියායේ තත්වය

මේ වනවිට දෙනියායේ තත්වය හැකි උපරිමයෙන් යථාතත්වයට පත්කරමින් තිබෙනවා. එහිදී අපේ මූලිකම අවධානය යොමුවෙලා තිබුනේ ජනතාවගේ ජීවිත බේරාගැනීමට. මේ වනවිට කියන්න පුළුවන් අපි ජිවිත බේරාගැනීමේ කටයුතු අවසන් කරලා තියෙනවා.දැන් අපේ අවධානය යොමුවෙලා තියෙන්නේ විපතාට පත්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු වලට,  ඒ සඳහා අපි ඉක්මනින් වැඩ කටයුතු කරගෙන යනවා.

මම පෙරේදා දිනයේදී උත්සාහ කළා දෙනියාය වෙත පැමිණීමට නමුත් එය අසාර්ථක වූ අතර ගුවන් මගින් පැමිණීමට කටයුතු කල නමුත් නෙළුව ප්‍රදේශයට පැමිණීමේදී අධික වැසි තත්වය හේතුවෙන් හෙලිකොප්ටර් යානයටද දෙනියාය වෙත ලඟාවීමට හෝ නොහැකි තත්වයක් ඇතිවුණා. මම ඊයේ දිනයේදී කොළඹ සහ මාතර පැවති ආපදා සහන සේවා රැස්වීම් දෙකකට සහභාගීවීමෙන් අනතුරුව දෙනියායට පැමිණීමට කටයුතු කළා. ඒ අනුව ගුවන් මගින් පිටබැද්දර දක්වා පැමිණ, පිටබැද්දර සිට ප්‍රදේශයේ ජනතාවගේ තත්වය විමසමින් විකල්ප මාර්ග ඔස්සේ දෙනියාය දක්වා පැමිණියා.

දෙනියායට පැමිණි අවස්ථාවේ පටන් ජනතාවට සිදුවූ පීඩාවන් පිළිබද විමසාබලමින් ගතයුතු පියවරයන් ගැනීමට ක්‍රියා කරනවා. විශේෂයෙන්ම සහන සේවා කණ්ඩායම් සමග ශ්‍රී ලංකා පොලීසිය එක්වී සිදුකරනු ලබන කැපවීම ඉතා විශාල බව දැකගත හැකි වුණා. දෙනියායට යාමට මාර්ගයක් නොමැතිවීම නිසාවෙන් දෙනියාය වත්ත හරහා නව මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට අවසන් වෙමින්පවතින අතර එම කාර්යේදී පොලීසිය විශාල කැපකිරීමක් සිදුකරනු දකින්නට ලැබුණා. දෙනියාය වත්ත හරහා ඉදිකරනු ලබන නව මාර්ගය මගින් දෙනියායට සැපයුම් මාර්ග පහසුකම් ලබාදිය හැකි අතර ජනතාවට එය සහන සැලසීමට විශාල පහසුවක් වනු ඇත.

එසේම විදුලි බලය කඩිනමින් ලබාදීමටද මේ වන විට කටයුතු කරමින් පවතිනවා. ඒ අනුව විදුලි පද්ධතියෙහි පවත්නා බිඳ වැටීම් සකසමින් හැකි ඉක්මනින් ජනතාවට විදුලි බල සැපයුම ලබාදීමට ක්‍රියාකරන බව කියන්න කැමතියි. ඒ වගේම බිඳවැටීමට ලක්ව තිබූ දුරකථන සම්බන්ධතා මේ වනවිට ක්‍රියාත්මක තත්වයට පත්කරලා තියෙනවා. පිටබැද්දර ප්‍රදේශයේ තාක්ෂණික හේතූන් මත තවමත් SLT දුරකථන සම්බන්ධතාවය ගොඩනැංවීමට හැකියාවක් ලැබිල නැහැ. එයත් කඩිනමින් යථාතත්වයට පත්කිරීමට අදාල නිලධාරීන් ක්‍රියා කරමින් පවතිනවා.

දෙනියාය යළි ගොඩනැංවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාකරමින් සිටිනවා. අද (28) උදෑසන කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවත්වන ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී ජනතාවට සහන සලසන ආකාරයත් ප්‍රදේශය යලි ගොඩනංවන ආකාරයත් සාකච්ජා කරලා කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් නියමිතයි.

විශේෂයෙන්ම ජීවිතාරක්ෂක මෙහෙයුම් සිදුකල ත්‍රිවිධ හමුදාව සහ ආපදා කළමනාකරණ අංශවලටත්, ප්‍රාදේශීය සභාවන්, රාජ්‍ය නිලධාරීන් වගේම සුවිශේෂී වැඩකොටසක් සිදුකරන ශ්‍රී ලංකා පොලීසිය අතුලු මෙම කටයුතුවලට උපකාර කරන සියලුම දෙනාට මාගේ ස්තුතිය පලකරනවා."







COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29539,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගමට පාර කපන ඇමති (PHOTOS)
ගමට පාර කපන ඇමති (PHOTOS)
http://ift.tt/2rKESUk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/photos_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/photos_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy