දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජගිරියේ මහාචාර්යවරයාගේ නිවසේ මෙහෙකාරිය ලක්ෂ 25 කට විදලා
Homeගොසිප්

රාජගිරියේ මහාචාර්යවරයාගේ නිවසේ මෙහෙකාරිය ලක්ෂ 25 කට විදලා

PropellerAds

රාජගිරියේ මහාචාර්යවරයාගේ නිවසේ උදේ දවල් වැඩ කර හවසට ගෙදර ගිය මෙහෙකාරිය ලක්ෂ 25 කට විදලා දිනපතා කුමක් හෝ දෙයක් සොරකම් කරලා නිවෙස් වල ...

ජැක්සන් ඇන්තනි දූපුතුන්ගේ විවාහ මංගල්‍යය අද
රනිල් මෛත්‍රි මහින්ද අත්වල ඡන්ද පෙට්ටි තුනක් (සිකුරාදා කාටූන්)
කදිරගාමර්ගේ ඝාතන සැකකරුවකු ජර්මනියේදී අත්අඩංගුවට

රාජගිරියේ මහාචාර්යවරයාගේ නිවසේ
උදේ දවල් වැඩ කර හවසට ගෙදර ගිය
මෙහෙකාරිය ලක්ෂ 25 කට විදලා

දිනපතා කුමක් හෝ දෙයක් සොරකම් කරලා


නිවෙස් වල මෙහෙකාරකමට පැමිණෙන අය සිදු කරන සොරකම් වීශ්වාසය කඩකිරීම් සම්බන්ධයෙන් කාහටත් අවදානම මතුකරන සිදුවීමක් පසුගියදා වැලිකඩ පොලිසිය මගින් අනාවරණය කරගනු ලැබුවා.
රාජගිරිය ලියනගේ මාවතේ පදිංචිව සිටි ඉන්දීය ජාතික මහාචාර්යවරයෙකු හා ඔහුගේ ශ්‍රී ලාංකික බිරියගේ නිවසේ වැඩ කරන්නට වසර 4 ක් තිස්සේ උදේ පැමිණ හවස ගෙදර ගිය මෙහෙකාරියක
එම කාලය පුරා වරින්වර නිවසේ වටිනා දේ සොරකම් කරගෙන තිබූ බවත් ඇය රැගෙන ගිය දේ වල මුළු වටිනාකම ලක්ෂ 25 කට අධික බවත් පොලිසිය සොයාගෙන තිබේ.
නිවැසියන්ගේ විශ්වාසය හා ආදරයට ලක්ව වාසය කළ ඇය මේ ආකාර සොරකම් සිදු කරන බව නිවැසියන් පොලිසිය හෙළි කරන තුරු විශ්වාස කර තිබුනේ නැත.

මහාචාර්යවරයාගේ බිරියගේ මංගල මුද්ද හා රන් මාලය නැතිවීමේ සිද්ධිය මෙම සොරකම් අනාවරණය වන්නට ආසන්න අවස්ථාවයි. ඇය නිවසේ සෑම තැනම ඒවා සොයා නොලැබුණ තැන වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබුණ අතර ඒ අනුව පොලිසිය පැමිණ නිවස පරීක්ෂා කළත් සොරෙකු ඇතුල්වූ බවට සාධත හෝ සොරුන්ට ඇතුළුවන්නට හැකි අවකාශයක් හෝ එම නිවසේ නැති බව නිරීක්ෂණය කර තිබේ.

පසුව මෙහෙකාරිය සැක නැතිදැයි නිවැසියන්ගෙන් පොලිසිය විමසද්දී ඇයව නම් කිසිසේත් සැක නැති බව හා ඇයගෙන් මෙය ගැන විමසා අපහසුතාවයට ලක් නොකරන ලෙසද නිවැසියන් ඉල්ලා තිබී ඇත. කෙසේ වෙතත් සියුම් ලෙස මෙහෙකාරියගේ හැසිරීම් නිරීක්ෂණය කළ පොලිසය ඇයගෙන් දීර්ඝ ප්‍රශ්න කිරීම් සිදු කරන්නට යොමුවුණ අතර අනතුරුව ඇය කළ සියලු සොරකම් හෙළිදරව් කරන්නට සිදුව ඇත.

මේ අසා නිවැසියන් තුෂ්ණිම්භූතවූ බවද වාර්තා වෙයි.
සෑම දිනයකම නිවසින් යද්දී කුමක් හෝ වටිනා දෙයක් රැගෙන

යාම ඇගේ පුරුද්දක් කරගෙන තිබුණ බවද ඇය පාපොච්චාරණය කර ඇත.රුපියල් විසිපන් ලක්‍ෂයකට ආසන්න වටිනාකමින් යුත් රන් ආභරණ ඇතුළු විවිධ වටිනා භාණ්ඩ රැසක් සොරාගෙන ඇති ඇය ඒවා වැල්ලවත්ත ප්‍රදේශයේ උකස් මාධ්‍යස්ථාන කිහිපයකට විකුණා ඇති බවද අනාවරණය විය. වැලිකඩ පොලිසිය මඟින් පෙරේදා (05දා) අත්අඩංගුවට ගත් ඇය කිරුළපන ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවකි.

පෙරවරු හා සවස් කාලයේ පමණක් එම නිවෙසේ සේවය කර ඇති සැකකාර කාන්තාව වසර 04ක පමණ කාලයක් එහි සේවය කර ඇති බවත් එම කාලය අතරතුර ඇය එම නිවෙසේ හිමිකරුවන්ට නොදැනෙන පරිදි එහි තිබූ රන් ආභරණ, අත්ඔරලෝසු, ජංගම දුරකතන ඇතුළු රුපියල් විසිපන් ලක්‍ෂයකට ආසන්න වටිනා භාණ්ඩ සොරාගෙන ගොස් විවිධ ප්‍රදේශවලට විකුණා ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ. ඇයව අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජගිරියේ මහාචාර්යවරයාගේ නිවසේ මෙහෙකාරිය ලක්ෂ 25 කට විදලා
රාජගිරියේ මහාචාර්යවරයාගේ නිවසේ මෙහෙකාරිය ලක්ෂ 25 කට විදලා
http://ift.tt/2fScrhY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy