මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කළේ තමා විසින් යැයි ලිපියක් ලියා තබා දිවි හානිකර ගත් බව කියන විශ්‍රාමික හමුදා සැරයන් මේජර්ගේ අයි....
මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කළේ තමා විසින් යැයි ලිපියක් ලියා තබා දිවි හානිකර ගත් බව කියන විශ්‍රාමික හමුදා සැරයන් මේජර්ගේ අයි.ජි. ජයමාන්නගේ දේහය මේ වනවිට ගොඩ ගෙන තිබේ.
ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුව කෑගල්ල මහේස්ත්‍රාත් ඉදිරියේ ගොඩ ගැණුනු දේහය කෑගල්ල මහරෝහලට රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ දේහය ගොඩ ගැනෙනුයේ එම පුද්ගලයාගේ ඇගිලි සළකුණු නොගත් නිසා බවයි.
පොලිසිය එහිදී රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරිම මීට හේතුව බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඔහුගේ දේහය පසුගියදා කෑගල්ල, පුවක්දෙණිය පොදු සුසාන භූමියේ මිහිදන් කළේය.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS