බු ත්තල පොලිස් බල ප්‍රදේශයේ මහගොඩයාය ප්‍රදේශයේ දී ඊයේ (12) පස්වරුවේ ප්‍රභූ රථ පෙළක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මොණරා...
බුත්තල පොලිස් බල ප්‍රදේශයේ මහගොඩයාය ප්‍රදේශයේ දී ඊයේ (12) පස්වරුවේ ප්‍රභූ රථ පෙළක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මොණරාගල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ මෙම රථ පෙළ වැල්ලවාය දෙස සිට මොණරාගල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබුණා.
මොටර් රථයේ ගැටුණු ත්‍රීරෝද රථය පසුව ඩිෆෙන්ඩර් රථයේ ද ගැටී අනතුර සිදු වී ඇති අතර එහිදි ත්‍රීරෝද රථයේ ගමන් කළ දෙදෙනකුට තුවාල සිදු වී ඇති බවයි වාර්තා වුණේ.
තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ පසුපස ගමන් කළ පුද්ගලයා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුරින් පසු ප්‍රභූ රථවල අංක තහඩු ද ගලවා දමා තිබූ බවයි වාර්තා වන්නේ.
-nethnews

COMMENTS