ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය තවදුරටත් රඳා පවතින්නේ මෙරට 73%ක් වූ කුඩා තේ වතු හිමියන් නිසා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසට...
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය තවදුරටත් රඳා පවතින්නේ මෙරට 73%ක් වූ කුඩා තේ වතු හිමියන් නිසා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසටයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) අඹගමු කෝරලේ කුඩා තේ වතු සංවර්ධන සාමාජිකයන් 486 දෙනෙකුට රුපියල් ලක්ෂ හතලිස් හතක් වටිනා පොහොර සහනාධාර චෙක් පත් ලබාදීමේ උත්සවයකට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් පොහොර සහනාධාරය වත්මන් රජය මගින් ලබා නොදෙන බවට බොහෝ දෙනෙකු තුළ විශ්වාසයක් තිබූ බවයි.
එහෙත් මේ වනවිට වත්මන් රජය මගින් රුපියල් කෝටි අසූවක පොහොර සහනාධාර ලබාදී ඇති බවත් ඉදිරියේදීත් එය අඛණ්ඩව ලබාදෙන බවත් ඔහු පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා මෙන් පවුල්වාදයට හෝ එම ක්‍රමවේදයට හෝ නොව නව ක්‍රමවේදයකට අනුව නියමිත පොහොර සහනාධාරය එම ප්‍රතිලාභීයාටම ලබාදීමට කටයුතු කරන බව ද ඔහු කියාසිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේ වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 730 දක්වා ඉහළ දැමීමට වතුහාම්පුතුන්ගේ සංගමය එකඟ වී ඇති බවත් වතු සංගම් ද
රජයෙන් යම් සහනාධාරයක් බලාපොරොත්තු වන බවත්ය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්.
COMMENTS