කැබිලිත්ත පුජා භුමියට පැමිණෙන බැතිමතුන්ට ඉදිරියේදී නව නීති පැනවෙන බව වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අවධාරණය කරයි. මින් ඉදිර...
කැබිලිත්ත පුජා භුමියට පැමිණෙන බැතිමතුන්ට ඉදිරියේදී නව නීති පැනවෙන බව වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අවධාරණය කරයි.
මින් ඉදිරියට කැබිලිත්ත පුජා භුමියට හමුදා ඒකකයක් ස්ථාපිත කරන බවත් වන සංරක්ෂණ නිලධාරින් එම ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවන බවත් හෙතෙම පෙන්වා දෙයි.
ඒ අනුව උදෑසන 5.30ට කැබිලිත්තට ඇතුල්වීමට අවසර දෙන බවත් පස්වරු 6.30 වන විට පූජා අවසන් කර එම භූමියෙන් ඉවත් විය යුතු බවත් අමාත්‍යවරයා පැවසී ය.
ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට මේබව දැන්වූ බවත් මින් ඉදිරියට නාම පුවරු ඉදිකර බැතිමතුන් දැනුවත් කරන බවත් හෙතෙම සඳහන් කළේය.
යාල 02 වන කලාපයේ පිහිටා ඇති කැබිලිත්ත පුජා භුමිය වන්දනාමාන කිරීමට මහත් වූ භක්තියෙන් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙයි.
මෙම ප්‍රදේශයේ කතරගම දෙවියන් භාවනානුයෝගීව වැඩසිටින ස්ථානයක් බවත් කඳකුමරුන් වල්ලි දේවිය හමුවීම සඳහා ඔකඳ ප්‍රදේශයට ගොඩබැස නවාතන් ගත් ස්ථානය ලෙසත්, ඕලන්ද ජාතිකයන් මෙරට ආක්‍රමණ කල වකවාණුවේදී කතරගම දේවාලයේ වස්තු සගවා තිබූ ස්ථානය ලෙසත් ජනප්‍රවාදයේ සඳහන් වේ.
එවන් දිගු ඉතිහාසයක් ඇති මෙම භූමියේ පිහිටි අඩි 20 ක් පමණ උසකින් යුත් කුඩා සියඹලාව විවිධ රසකාරක යෙදු කිරිවලින් දෝවනය කිරීම නිසා මිය යාමට පටන් ගෙන තිබේ.
මෙම සිද්ධිය මාධ්‍ය මගින් අනාවරණ වීමෙන් පසු වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් එහි ගොස් තත්ත්වය සොයා බැලූ අතර සියඹලා පැලයක් රෝපණය කිරීමටද අමාත්‍යවරයා කටයුතු කළේය.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS