දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'සිලෝන් ප්‍රින්සස්' දිවයිනට ළඟාවේ (PHOTOS)
Homeප්‍රවෘත්ති

'සිලෝන් ප්‍රින්සස්' දිවයිනට ළඟාවේ (PHOTOS)

PropellerAds

ශ්‍රී ලංකා නැව් සංස්ථාවට අයත් දෙවැනි නෞකාව වන සිලෝන් ප්‍රින්සස් (Ceylon Princess)  නෞකාව ඊයේ (05) මව්රටට සේන්දු විය. ඊයේ උදෑසන මංගල ගමනින...

"අධිරාජ්‍යවාදීන් විදිහට ලෝකය පාලනය කරපු රටවලත් ගෑස් නැහැ" - නාමල්ගේ ගෑස් කතාව
දෙහිවල මුස්ලිම් පල්ලියකට පහර දෙයි... පොලිසිය සැකකරු පස්සේ පන්නයි - (VIDEO)
පරාජය භාර ගන්න සූදානම් වන්න... එතැනින් ඉදිරියට යන්න පුළුවන්… ‘‘මැණිකේ‘‘ ඉන්දියාවේ සිට පැමිණ මාධ්‍යයට කියූ දේ - (VIDEO)
'සිලෝන් ප්‍රින්සස්' දිවයිනට ළඟාවේ (PHOTOS)

ශ්‍රී ලංකා නැව් සංස්ථාවට අයත් දෙවැනි නෞකාව වන සිලෝන් ප්‍රින්සස් (Ceylon Princess)  නෞකාව ඊයේ (05) මව්රටට සේන්දු විය.

ඊයේ උදෑසන මංගල ගමනින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට සේන්දු වූ එම නෞකාව පිළිගනු ලැබුවේ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාය.

චීනයේ AVIC International සමාගමේ නිර්මාණයක් වන මෙම නෞකාව 2016 වසරේ ජූනි මස 15වැනිදා සාදා නිම කරනු ලැබීය.

එහි සහෝදර නෞකාව වූ සිලෝන් බ්‍රීස් නෞකාව මීට ප්‍රථමයෙන් ස්වකීය මෙහෙයුම් ආරම්භ කළේ 2016 මාර්තු මස 15 වැනිදායි.

පසුගිය රජය සමයේදී මිලදී ගත් මෙම නෞකා දෙක සඳහා වැය කර තිබූ සම්පූර්ණ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 70කි.

ඊයේ පැවැති පිළිගැනීමේ උත්සවයේදී වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ මෙම නෞකා දෙකට වැයවූ මුදලින් නෞකා 04ක් මිලදී ගැනීමට තිබුණු බවයි.

ඒ අනුව මෙම නෞකාවලින් ශ්‍රී ලංකා නැව් සංස්ථාවට පැටවුණු ණය බර ප්‍රමාණය අති විශාල බවද අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසීය.

කෙසේනමුත් එතුමා අවධාරණය කළේ ණය ප්‍රමාණය කළමනාකරණය කරගනිමින් නෞකා ආරක්ෂා කර ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ,"වරාය අමාත්‍යාංශය මම භාරගන්නකොට අපිට තිබුණ ලොකුම අභියෝගයක් වුණේ මේ නෞකා දෙක භාර ගැනීම. නමුත් මේ නෞකාවලින් රටට ආලෝකය සපයන ගල් අඟුරු ප්‍රවාහනය කරමින් පසුගිය වසරේදී අපි සැලකිය යුතු මට්ටමේ ලාභයක් ලබා ගත්තා. ප්‍රමාදවීම් සඳහා ගෙවීම් කිරීම් අඩුවුණා. ඒ නිසා මේ නෞකාවලින් නැව් සංස්ථාවට විය හැකි පාඩුව අවම කර ගත හැකි යැයි මම අපේක්ෂා කරනවා. ඉදිරියටත් නැව් සංස්ථාවට අලාභයක් නොවන විදියට මේ නෞකා හැසිරවීමට උපාය මාර්ග පිළිබඳවද අවධානය යොමු කරමින් සිටිනවා. සමහර වෙලාවට අපිට හිතට එකඟ නැති තීරණ වුණත් ගන්න සිද්ධ වේවි. මම වඩාත්ම කැමතියි මේ නැව් සංස්ථාව දියුණු වෙලා ගමේ ඉන්න දරුවන්ට නැවකට නගින අවස්ථාවක් ලබාදෙන්න" ලෙසයි.

ඡායාරූප පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'සිලෝන් ප්‍රින්සස්' දිවයිනට ළඟාවේ (PHOTOS)
'සිලෝන් ප්‍රින්සස්' දිවයිනට ළඟාවේ (PHOTOS)
http://ift.tt/2dzrLMP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/photos_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/photos_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy