ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද පෙරවරුවේ පැමිණ තිබේ. ම...
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද පෙරවරුවේ පැමිණ තිබේ.
මේවන විටත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
පොදු රාජ්‍ය මණ්ඩලයීය සමාගමක මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුකෙරෙන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.
එම චෝදනාවට අදාළව පසුගිය සඳුදා දිනයේ ද හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පොලීස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.
COMMENTS