ආසනයකින් ඉල්ලා ජයග්‍රහණය කර පෙන්වන්නැයි කියා තමාට විජිත් විජිතමුණි ඇමැතිවරයා කළ අභියෝගය බාර ගන්නා බව ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂින්ද්‍ර රාජ...
ආසනයකින් ඉල්ලා ජයග්‍රහණය කර පෙන්වන්නැයි කියා තමාට විජිත් විජිතමුණි ඇමැතිවරයා කළ අභියෝගය බාර ගන්නා බව ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ මොනරාගල පුස්‌තකාල ශ්‍රවණාගාරයේ සකස් කර තිබූ ප්‍රදර්ශනය සඳහා පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්‌වමිනි.
එහිදී ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා මෙසේද සඳහන් කළේය.
“ආසනයකින් ඉල්ලලා දිනලා පෙන්වන්න කියා මට දිගින් දිගටම අභියෝග කරනවා විජිතමුණි ඇමැතිතුමා. මම එතුමාගේ අභියෝග භාරගන්න කැමතියි. මම විජිතමුණි ඇමැතිතුමාට කියනවා එතුමාගේ ගම බිබිල නිසා ඇමැතිකමින් ඉල්ලා අස්‌වෙලා බිබිල ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එන්න කියලා. එතැනදී වුණත් එතුමා පරද්දලා පෙන්වනවා“
ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්‌වමින් මෙසේ කීවේය. “රාජපක්‍ෂලා මුදල් සොරකම් කළා කියලා කියනවා. අපි රජයට කියනවා මේ මුදල් රටට ගෙන්නලා පෙන්වන්න කියලා. අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ අයට පමණයි. ආණ්‌ඩුවේ ඉන්න අයට නීතිය ක්‍රියාත්මක නෑ. අපි මැතිවරණයක් තියපු වහාම නව ආණ්‌ඩුවක් පිහිටුවනවා.“ යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.
COMMENTS