ඔලිම්පික් පදක්කම්ලාභීනී සුසන්තිකා ජයසිංහ මහත්මියට පහර දුන්නැයි ඇගේ සැමියා වන ධම්මික නන්දකුමාරට එරෙහිව ඇති නඩුව සමථ මණ්ඩලයට යොමු කරන ලෙස ග...
ඔලිම්පික් පදක්කම්ලාභීනී සුසන්තිකා ජයසිංහ මහත්මියට පහර දුන්නැයි ඇගේ සැමියා වන ධම්මික නන්දකුමාරට එරෙහිව ඇති නඩුව සමථ මණ්ඩලයට යොමු කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය අද(20) නියෝග කළාය.
ඇයට සිදු වු තුවාල බරපතල නොවන බව පොලිසිය අධිකරණයට දැන්වීය.
මෙම නඩුවට අදාළව සුසන්තිකා ජයසිංහ සහ ඇයගේ සැමියා වන ධම්මික නන්දකුමාර මහතාද අධිකරණයේ පෙනී සිටි බව වාර්තාවේ.
පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ඇයගේ සැමියා වන ධම්මික නන්දකුමාර මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය මීට පෙර නියෝග කර තිබිණි.
පසුගිය ජූලි මස 18 වනදා සිය නිවස තුළදී සැමියාගේ පහරකෑමට ලක්වු සුසන්තිකා ජයසිංහ මහත්මිය රෝහල් ගත කළේය.
COMMENTS