අදට (01) යෙදී ඇති ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පවත්වන ජාතික වැඩිහිටි දින සැමරුම් උළෙල මහනුවර, පොල්ගොල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබ...
අදට (01) යෙදී ඇති ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පවත්වන ජාතික වැඩිහිටි දින සැමරුම් උළෙල මහනුවර, පොල්ගොල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය සඳහන් කළේ 'වැඩිහිටි අයිතිවාසිකම් සුරකින රටක්' යන තේමාව යටතේ මෙවර ජාතික වැඩිහිටි දින සැමරුම් උළෙල පැවැත්වෙන බවයි.
ඒ අනුව අද උදෑසන 09.00ට මහනුවර, පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ නව රඟහලේදී විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික වැඩිහිටි දින සැමරුම් උළෙල පැවැත්වෙයි.
ජාතික වැඩිහිටි දිනයට සමගාමීව ඔක්තෝබර් පළමුවෙනිදා සිට 07 වනදා දක්වා ජාතික වැඩිහිටි කොඩි අලෙවි සතියක් සංවිධානය කර ඇති බවද එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS