දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහනුවර කැප්පෙටියාවේ කාණු කපමින් සිටියදී අභිරහස් උමගක් මතුවෙයි
Homeගොසිප්

මහනුවර කැප්පෙටියාවේ කාණු කපමින් සිටියදී අභිරහස් උමගක් මතුවෙයි

PropellerAds

මහනුවර කැප්පෙටියාවේ කාණු කපමින් සිටියදී අභිරහස් උමගක් මතුවෙයි මහනුවර පාත හේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මයිලපිටිය කැප්පෙට්ටිය...

නොනාවරුනි - කුසුම් රේණු යස් බොස් - සේමිනි විජයගේ වියෝව ගැන කියපු කතා
නොදන්නා අයෙකු දුම්රියට ගැසූ ගලකින් නි.අධ්‍යාපන අධ්‍යක්ෂ මරුට
විජයගේ අවසන් දවස සහ අවසන් ඡායාරූප


මහනුවර කැප්පෙටියාවේ කාණු කපමින් සිටියදී
අභිරහස් උමගක් මතුවෙයි

මහනුවර පාත හේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මයිලපිටිය කැප්පෙට්ටියාව ගමෙහි ජල නළ එළීම සඳහා කානු කපමින් සිටි ගම්වැසියන් හට පෙරේදා (9දා) අබිරහස් උමඟක් හමු වී තිබේ.
කැප්පෙට්ටියාව ගම්මානයට නළ ජලය ලබාගැනීම සඳහා එම ගම්වැසියන් කානු හාරමින් සිටියදී එකවරම පස් කුට්ටියක් ගැලවී ගොස් මේ උමඟ මතුව තිබේ.
මේ උමඟ අඩි තිහක් පමණ දුරකට ඇතැයිද එහි පුද්ගලයකුට අපහසුවකින් තොරව ගමන් කිරීමට හැකි යැයිද
උමඟට බැස ඇති පිරිස් පැවැසූහ.
මේ පිළිබඳව එම ගම්වැසියන්ගෙන් තොරතුරු විමසීමේදී ඩී.එම්. ජයකොඩි අප සමඟ කියා සිටියේ අපි කීප දෙනෙක් උමඟ ඇතුළට බැස්සා. අඩි 30ක් විතර දුරකට උමඟ තියෙනවා. කෙනකුට හිටගෙන ඇවිද යන්න පුළුවන්. දිගටම ඇවිද යන්න අමාරුයි. තද කළුවර හා අධික රස්නයක් ඇතුළේ තියෙනවා. හුස්ම ගන්නත් අමාරුයි. උමඟ වටේ ගල් බැම්මක් වගේ දකින්න පුළුවන්. උමඟ ඇතුළේ කිසිවක් දකින්නට නම් තිබුණේ නෑ. ඇතුළට වතුර කාන්දුවක් හෝ පස් සෝදා යෑමක් දක්නට නෑ. මතුපිට පස් තට්ටුව අඩි දෙකකට වඩා නෑ වගේ පේන්නේ.


කැප්පෙට්ටියාව ගමේ පදිංචි වයස අවුරුදු 82ක් වූ දිසානායක මුදියන්සේ මෙසේ පැවැසීය.
අපි මේ ගමට ඇවිත් අවුරුදු 50කට වැඩියි. මේ වගේ උමඟක් පිළිබඳව මීට පෙර අහලා නෑ. මේ ප්‍රදේශය ආශ්‍රිතව නටබුන් මොනවත් දකින්නවත් නෑ. අවුරුදු පනහකට විතර පෙර මේවා මහා වනාන්තර. අපි ඇවිත් තමා මේ ගම්බිම් එළි පෙහෙළි කෙළේය.

කැප්පෙට්ටියාව ඩී.එම්. රේණුකා (36) මහත්මිය පැවැසූවේ මෙතැන සිට ටිකක් එහා පැත්තේ තියෙනවා හෙණ ගැහුවළ කියලා තැනක්. එතැන විශාල වළක් තියෙනවා. දැන් කැලයෙන් වැහිලා. එතැනට එහෙම කියන්නේ ඇයිද දන්නේ නෑ. ගමේ හැමෝම කියන්නේ එහෙමයි.

ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණයේදී මයිලපිටියට නුදුරු වාගොල්ල නම් ස්ථානයේදී සිංහලයන් හා යුද වැදුණු බවත් වාගොල්ලේ රණකාමීන් සැඟව සිට ඉංග්‍රීසීන්ට පහරදුන් බවත් ජනප්‍රවාදවල දැක්වේ. ඒ අනුව යම් රණකාමියෙක් මේ ස්ථානයේ රැකවරණය ලබන්නට ඇතැයි ද සිතිය හැකිය.
කැප්පෙට්ටියාව ගම්වාසීන් විසින් තලාතුඔය පොලිසිය හා පුරාවිද්‍යා නිලධාරීන්ද මේ පිළිබඳ දැනුවත් කර තිබේ.

හන්තාන - චමින්ද කුමාර, මහනුවර-කමල් සුරවීර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29328,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහනුවර කැප්පෙටියාවේ කාණු කපමින් සිටියදී අභිරහස් උමගක් මතුවෙයි
මහනුවර කැප්පෙටියාවේ කාණු කපමින් සිටියදී අභිරහස් උමගක් මතුවෙයි
http://ift.tt/2dQsNUE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_893.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_893.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy