දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජයගේ අවසන් දවස සහ අවසන් ඡායාරූප
Homeගොසිප්

විජයගේ අවසන් දවස සහ අවසන් ඡායාරූප

PropellerAds

කුරුණෑගල ගිහින් ඇවිත් මහන්සියෙන් හිටි විජය නන්දසිරි හාට් ඇටෑක් හැදුණාම බාත් රූම් එකේදී කෑගැහුවලූ (විජයගේ අවසන් ඡායාරූප) ප‍්‍රවීණ නළු ...

මහින්ද මහදැනමුත්තට ඇඳලා (බ්‍රහස්. කාටූන්)
මින් පසු ඕලෙවල් කඩඉම් විභාගයක් නොවේ - හැමෝම ඒ ලෙවල් කළ යුතුයි
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට
කුරුණෑගල ගිහින් ඇවිත්
මහන්සියෙන් හිටි විජය නන්දසිරි

හාට් ඇටෑක් හැදුණාම
බාත් රූම් එකේදී කෑගැහුවලූ

(විජයගේ අවසන් ඡායාරූප)

ප‍්‍රවීණ නළු විජය නන්දසිරි ඊයේ දහවල් අභාවප‍්‍රාප්ත වූයේ හදිසි හෘදයාබාධයක් වැළඳීමෙනි. මින් දිගු කලෙකට ඉහත බයිපාස් සැත්කමකටද බඳුන්ව සිටි ඔහු දියවැඩියා රෝගයෙන්ද පීඩා විඳි අයෙකි.
ඊයේ හෘද රෝගයට ලක්වන්නට ප‍්‍රථම ඔහු වෙහෙසකර තත්වයක පසුවිය. එයට හේතුවූයේ
පෙරේදා (ඉරිදා) ඔහුට කුරුණෑගලට ගොස් ‘අලූත් හොරෙක්  ඕනෑ’ නමැති නාට්‍යයේ දර්ශනවාරයකට පෙනී සිටිමට සිදුවූ නිසාය. එය නිමකර ඔහු නැවත ගල්කිස්සේ නිවසට පැමිණියේ දෙගොඩහරි යාමයේය. පසුදා අවදිවී ඇඟපත සෝදාගන්නට ගොස් නාන කාමරයේ සිටින අවස්ථාවේ ඔහුට මෙම හෘද රෝගය එක්වරම වැළඳී තිබේ.

එම අවස්ථාවේ පුතාගේ නම කියමින් ඔහු කෑගැසූ බවත් වාර්තාවෙයි. ඔහු පපුව අල්ලාගෙන පහත්වී සිටි අතර නිවසේ සිටි ඥාති කාන්තාවක එම අවස්ථාවෙහි උදව්වට පැමිණ කෘත‍්‍රිම ස්වසනය ලබාදීමට උත්සාහ කර තිබේ. අවස්ථා තුනක්ම අසාර්ථකවූ බවත් හතරවන අවස්ථාවේද එය ව්‍යවර්ථව ගිය බවත් හෘදයේ හඬක් නැගී නවතිනු ඇසුණ බවත් ඇය පසුව ඒ ගැන විස්තර කළාය.
ඉන් අනතුරුව මිනිත්තු පහළොවක් වැනි කාලයක් තුළ කළුබෝවිල පිහිටි දකුණු කොළඹ මහ රෝහල වෙත ඔහු රැගෙන ගියත් ඒ අවස්ථාව වනවිටත් ඔහුගේ ප‍්‍රාණය නිරුද්ධවී තිබුණි.
හිදිසි මරණ පරීක්ෂක විපුල නරසිංහ මහතා තීරණය කළේ මෙම මරණය ස්වාභාවික තත්ව මත හදිසි හෘදයාබාධයකින් සිදුවූවක් ලෙසයි.
විජය නන්දසිරි මහතා මියයනවිට 72 වන වියෙහි පසුවිය.
අවසන් මොහොත දක්වාම ප‍්‍රාණවත්ව රංගන කාර්යයද අත් නොහැර ආකර්ෂණීය පෙනුම රැකගෙන සිටින්නට සමත්වූ නිසාම බොහෝ අය ඔහුට එතරම් වයස යයි සිතන්නට බැරිව පුදුම වී තිබුණි.
විජය නන්දසිරිගේ පුතු ඇමරිකාවේද දියණිය  ඕස්ටේ‍්‍රලියාවේද සිටින අතර සියල්ලන්ගේ පැමිණීම තහවුරුවූ පසු අවසන් කටයුතු පිළිබඳ දිනයක් තීරණය කරන්නට අවශ්‍ය නිසා ඊයේ එය පසුවට කල් තැබිණි.
පහත පළවන්නේ කුරුණෑගල අවසන් නාට්‍ය දර්ශන වාර අවස්ථාවේ ඉරිදා ලබාගත් ඡායාරූප කිහිපයකි.








Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29386,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජයගේ අවසන් දවස සහ අවසන් ඡායාරූප
විජයගේ අවසන් දවස සහ අවසන් ඡායාරූප
http://ift.tt/2ba4frX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_232.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_232.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy