ලසන්ත ඝාතනය කළේ තමන් බව ලියා දිවිනසාගත් පුද්ගලයා නිසා පරීක්ෂණ කොයි අත යයිද? පොලිසියේ චිත්‍රයට සමාන රුවක් ! මේ දිනවල වළ දැමූ මිනිය ...
ලසන්ත ඝාතනය කළේ තමන් බව ලියා
දිවිනසාගත් පුද්ගලයා නිසා
පරීක්ෂණ කොයි අත යයිද?
පොලිසියේ චිත්‍රයට සමාන රුවක් !
මේ දිනවල වළ දැමූ මිනිය යළි ගොඩගනිමින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය ගැන පුළුල් විමර්ශන ආරම්භවීමෙන් පසු අද එක්තරා පුද්ගලයෙකු ලසන්ත මැරුවේ තමා යයි කෙටි සටහනක් තබා දිවි නසාගෙන තිබේ. යුද හමුදාවේ විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියෙකු වන ඔහු 52 හැවිරිදි ඉන්දරගේ ජයමාන්න නමැති අයෙකි.තිදරු පියෙකු වන ඔහු කෑගල්ල කරඬුපන, දෙහිපිටිය ප්‍රදේශයේ
පදිංචිව සිටියේය.
නිවසේ මුළුතැන්ගෙයි වහලයේ
බාල්කයක නයිලෝන් ලණුවක් ආධාරයෙන් ඔහු එල්ලී මියගොස් සිටියේ අද උදෑසනයි.
ඔහුගේ සිරුර හමුවන විට දේහය අසළ කෙටි සටහනක මෙසේ ලියා තිබුණි.
‘දැනගත යුත්තන්ගේ දැනගැනීම සඳහා
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ මම. ඒ නිසා මගේ යාළුවා වන මලින්ද උදලාගම වැරදි කරුවෙක් නෙමෙයි. ඔහු නිදහස් කරන්න.
- විශ්‍රාමික ඉන්දිගේ ජයමාන්න
මෙය බුද්ධි අංශයට ලබාදීමට කටයුතු කරන්න‘
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ පරීක්ෂණ වලට මේ දක්වා මෙම පුද්ගලයා සම්බන්ධවී තිබී නැති
නමුත් පසුගිය පෙබරවාරි මාසයේ ලසන්ත ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් මහජනයා වෙත පොලිසිය නිකුත් කළ පුද්ගල හඳුනාගැනීම් චිත්‍ර දෙකින් එක් පුද්ගලයෙකුගේ හැඩරුවට මෙම පුද්ගලයාගේ රුව බොහෝ දුරට ගැලපෙන බවද පෙනෙන්නට තිබේ.
දිවිනසාගත් ජයමාන්න සිද්ධියේ සත්‍යය ඇත්තටම වසන් කරගෙන සිටි පුද්ගලයා වන්නටද බැරි නැත.
ඔහු මේ ආකාරයේ කෙටි ලිපියකින් සියලු වරද භාරගෙන තමාටද දඩුවම් කරගෙන තිබෙන්නේ හසුවුවහොත් ගැටලු පැනනැගේය වෙනත් අය අල්ලා දෙන්න සිදුවේ යන බියෙන්ද වෙනත් හේතුවක් නිසාදැයි පැහැදිලි නැත.
කෙසේ වෙතත් නීති අංශ පෙන්වා දෙන්නේ ලසන්ත ඝාතනය සම්බන්ධ පරීක්ෂණ වලට මේ ආකාර දිවිනසාගැනීම් ලියුමක් කෙතරම් දුරට නීතිමය ලියවිල්ලක් බවට පත් කරගන්නට හැකිදැයි යන්නද ගැටලුකාරී බවය.
මියගිය විශ්‍රාමික හමුදා බුද්ධි අංශ සාමාජිකයා සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහරෝහලේදී අද සිදුකර තිබුණි.
වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.
සිද්ධිය සම්බන්ධ වීඩියෝ වාර්තාවක් පහතින්ම පළවේ

COMMENTS