මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයේදී විගණකාධිපති වාර්තාව මගින් හිටපු මහ බැංකු අධිපතිවරයා හෝ අදාල සමාගම වරදකරු කර නොමැති බවත් ඒ පි...
මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයේදී විගණකාධිපති වාර්තාව මගින් හිටපු මහ බැංකු අධිපතිවරයා හෝ අදාල සමාගම වරදකරු කර නොමැති බවත් ඒ පිළිබඳව සඳහනක් නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ ඊයේ (25) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයේදී විගණකාධිපතිවරයාට බලපෑම් එල්ල කළ බවට කොප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා සිදුකළ ප්‍රකාශය පිළිගත නොහැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජනතා විමුක්ති පෙරමුණ කෝප් කමිටුවේ කටයුතු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.
COMMENTS