ලබන නොවැම්බර් මාසයේදී පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වීමට නියමිත දහනම වැනි සාර්ක් සමුළුව එහි පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නොමැතිවීම සම...
ලබන නොවැම්බර් මාසයේදී පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වීමට නියමිත දහනම වැනි සාර්ක් සමුළුව එහි පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නොමැතිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය කනගාටුව ප්‍රකාශ කරන බව විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.
නොවැම්බර් 9-10 දිනයන්හිදී පකිස්ථානයේ, ඉස්ලාමාබාද් නුවර පැවැත්වීමට නියමිත දකුණු ආසියානු සමුළුව සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
මෙවැනි කලාපීය මට්ටමේ සමුළුවක් පැවැත්වීම සඳහා සාමය හා ආරක්ෂාව අත්‍යාවශ්‍ය බවත් සාර්ක් සමුළුව හා එහි රාජ්‍ය නායකයින්ගේ රැස්වීම කැදවීම සාර්ක් සංවිධානයේ ඒකමතික සම්මුතියෙන් යුතුව තීරණ ගත යුතු බවද එම නිවේදනයේ පෙන්වා දී තිබේ. මුල සිටම ශ්‍රී ලංකාව ආරම්භක සාක් සාමාජික රටක් වශයෙන් එවැනි ආකාරයක ආරක්ෂාවක් හා සාමයක් වෙනුවෙන් කැපවෙන බවත් ,අනෙක් සෙසු සාමාජික රටවල්ද ඊට අවශ්‍ය පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වෙන බවද එහි වැඩිදුරටත් දැක්වේ.
එසේම ත්‍රස්තවාදය හැමවිමට හෙළාදකින ශ්‍රී ලංකාව කලාපයේ ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් පෙනී සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයේ සදහන් වේ.
පකිස්ථානය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන රාජ්‍යයක් යැයි චෝදනා කරමින් ඉස්ලාමාබාද් නුවරදී ලබන නොවැම්බර් මස පැවැත්වෙන 19 වැනි සාර්ක් සමුළුව වර්ජනය කරන බව ඉන්දියාව ඉකුත් 28 වැනිදා නිල වශයෙන් නිවේදනය කළ අතර ඊට සහාය දක්වමින් බංග්ලාදේශය ,ඇෆ්ගනිස්ථානය හා භූතානයද සමුළුව වර්ජනය කරන බව ප්‍රකාශ කර සිටියේය.
COMMENTS