කඩුවෙල නාගරික කොමසාරිස් ජී.එල්.ජී. පෙරේරා මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට මාරු කර යවා තිබේ. බස්නාහිර පළාත...
කඩුවෙල නාගරික කොමසාරිස් ජී.එල්.ජී. පෙරේරා මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට මාරු කර යවා තිබේ.
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ නිර්දේශයකට අනුව ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන් මහතා විසින් මෙම මාරුව සිදුකර ඇතැයි වාර්තා වේ.
මේ වනවිට කඩුවෙල නාගරික කොමසාරිස් ධූරයේ වැඩ බැලීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාගරික කොමසාරිස් එස්.පී. ලියනගේ මහත්මිය තාවකාලිකව පත්කර අැත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමුවැනි ශ්‍රේණියේ නිලධාරිනියක වන ජී.එල්.ජී. පෙරේරා මහත්මිය කඩුවෙල නාගරික කොමසාරිස්වරිය ලෙස පත්වී ඇත්තේ මීට වසර එක හමාරකට පෙරය.
මේ සම්බන්ධයෙන් කරන ලද විමසුමකදී පෙරේරා මහත්මිය ප්‍රකාශ කළේ තම ස්ථාන මාරුව 06 වැනිදා සිටම ක්‍රියාත්මක කරමින් ආණ්ඩුකාරවරයාගෙන් ලිපියක් තමාට ලැබුණු බවයි.
එහි කිසිදු තනතුරක් සඳහන් නොවන බැවින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත යාමට තමන් කටයුතු කරන බව ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියාය.
COMMENTS