දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'බුරන බල්ලන්ට ගල් ගහන්න වෙලාවක් නෑ' - මොරගහහේන උණුසුම මැද චම්පික කියයි   
Homeප්‍රවෘත්ති

'බුරන බල්ලන්ට ගල් ගහන්න වෙලාවක් නෑ' - මොරගහහේන උණුසුම මැද චම්පික කියයි   

PropellerAds

මහජනයාගේ අදහස්වලට ගරු කරන බවත් නමුත් රස්තියාදුකාර විරෝධතා සතපහකටවත් ගණන් නොගන්නා බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක...

ජනාධිපතිට සහාය දෙන්න සූදානම්.. ඔහු ප‍්‍රශස්ත නායකයෙක් වන බව පේනවා - TNA
රංජිත් සොයිසාගේ මන්ත‍්‍රී ධුරය බෙදාගන්න ගැටුම්.. එජාපයෙන්ද ඉල්ලයි
මෛත්‍රීත් 2020 තරග බිමේ - මංගල සටනට පෙර නැටුමක
'බුරන බල්ලන්ට ගල් ගහන්න වෙලාවක් නෑ' - මොරගහහේන උණුසුම මැද චම්පික කියයි   

මහජනයාගේ අදහස්වලට ගරු කරන බවත් නමුත් රස්තියාදුකාර විරෝධතා සතපහකටවත් ගණන් නොගන්නා බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

“එහෙම හිතාගෙන ඉන්නවා නම් ඒක ලොකු වැරදීමක්. අපි මෙතනට ආවේ නිකං නෙවෙයි. ආණ්ඩු, ත‍්‍රස්තවාදීන් ඇතුළු බොහෝ දෙනෙක් එක්ක මුහුණට මුහුණලා අරගල කරලා. එනිසා ඒ වගේ දේවල් වලින් අපි ආපස්සට ගෙනයන්න බැහැ. ඒ වගේම ඔය බුරන බල්ලන්ට කැටකැබිලිති විසිකරන්න අපට වෙලාවකුත් නැහැ. “ යැයි හෙතෙම අවධාරණය කළේය. 

අමාත්‍යවරයා මේ බව පැවසූයේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ අධික්‍ෂණය යටතේ ඉදිකළ මොරගහහේන බස්නැවතුම්පළ අද(13) ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක් වෙමිනි. රුපියල් මිලියන 53 ක වියදමින් ඉදිකළ එම බස්නැවතුම්පලෙහි ඉදිකිරීම් කටුයතු  ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදුකරන ලදි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“සමහරු අහනවා කෝ සංවර්ධනය කෝ කියලා. ඔව් සතපහක්වත් ආදායම එන්නැති, නැව් එන්නැති වරායවල්, ගුවන් යානා එන්නැති ගුවන්තොටුපලවල්, තල වේලන්න, මුං වේලන්න අධිවේගී මාර්ග මේ ආණ්ඩුව හදන්නේ නැහැ.මේ ආණ්ඩුව හදන්නේ රටේ ජනතාවට දරුවන්ට රැුකියා ලැබෙන, ආදායම් ලැබෙන, රටේ ආර්ථිකය දීප්තිමත් කරන වැඩපිළිවෙලවල් විතරයි.

ඒ වගේම අපේ අමාත්‍යාංශය කිසිම තැනක දූෂණයට ඉඩ තියන්නේ නැහැ. මහජනයාගේ අදහස්වලට අපි ගරු කරනවා. හැබැයි රස්තියාදුකාර විරෝධතා නම් අපි සතපහකටවත් ගණන් ගන්නේ නැහැ. එහෙම හිතාගෙන ඉන්නවා නම් ඒක ලොකු වැරදීමක්. අපි මෙතනට ආවේ නිකං නෙවෙයි. ආණ්ඩු, ත‍්‍රස්තවාදීන් ඇතුළු බොහෝ දෙනෙක් එක්ක මුහුණට මුහුණලා අරගල කරලා. එනිසා ඒ වගේ දේවල් වලින් අපි ආපස්සට ගෙනයන්න බැහැ. ඒ වගේම ඔය බුරන බල්ලන්ට කැටකැබිලිති විසිකරන්න අපට වෙලාවකුත් නැහැ. අපි මේ රට පක්ෂ භේදයකින් තොරව ගමනක් යන්න අද තීරණය කරලා තියෙනවා. ඒ ගමන අපි යනවා. ඒ ගමන යද්දි, දූෂණයෙන්, වංචාවෙන්, කොමිස් ගැහිලිවලින් තොරව අනාගතයේ පිරිසිදු ගමනක් යන්න මේ මහනගර අමාත්‍යාංශය ආදර්ශය දෙනවා. රටේ ලොකුම ආයතන අපි කළා. විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව තමයි රටේ ලොකුම ආයතන දෙක. ඒ ආයතන දෙකම තඹ සතයක් වංචා කරන්නේ නැතිව බලගතු ආර්ථික කි‍්‍රයාවලියක් බවට අපි පත් කළ අපට රටේ අනෙක් ආයතන හදනවා කියන එක අපට ප‍්‍රශ්නයක් නෙමෙයි. රටේ තිබිච්ච ලොකුම ආයතන දෙක, බංකොලොත්ම ආයතන දෙක අපි ගොඩනගලා දුන්නා. අනෙකුත් සියළුම ආයතනත් අපි ඒ අනුව ගොඩනගනවා. එනිසා කවුරුවත් මේ ගැන කලබල වෙන්න  ඕනේ නැහැ. සියළු දෙනාට අපි ආරාධනා කරනවා මේ කි‍්‍රයාදාමයට එකතු වෙන්න 2020 ඡන්දෙ තියෙන්නේ. ඒ 2020 දි  ඕනෙ කෙනෙකුට බෙදිලා ඡන්ද ඉල්ලන්න පුළුවන්. ’ යැයි අමාත්‍යවරයා පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29364,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'බුරන බල්ලන්ට ගල් ගහන්න වෙලාවක් නෑ' - මොරගහහේන උණුසුම මැද චම්පික කියයි   
'බුරන බල්ලන්ට ගල් ගහන්න වෙලාවක් නෑ' - මොරගහහේන උණුසුම මැද චම්පික කියයි   
http://ift.tt/2evdeon
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_657.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_657.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy