දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විමල්ගේ නිවසේදී මියගිය තරුණයාගේ මරණය ගැන සැකයක්‌
Homeප්‍රවෘත්ති

විමල්ගේ නිවසේදී මියගිය තරුණයාගේ මරණය ගැන සැකයක්‌

PropellerAds

ජාතික නිදහස්‌ පෙරමුණ නායක, එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර මංගල මාවතේ පිහිටි නිවස තුළ නින්දේ පසු වූ තරුණයකු වන 24 ...

භාරතීය ජනතා පක්‍ෂය මෙරට පිහිටුවීමට ඉඩ නොදුනහොත් ලංකාව දෙකඩ කර උතුරේ අපි ඉන්දීය පාර්ලිමේන්තුවට යනවා..
රූමස්සල පරිසරය වනසමින් ඩඩ්ලි සිරිසේන අඩි 40ක පාරක් කපනවා..
බැසිල්-මංගල තරු හෝටලයකදී හමුවේ..
විමල්ගේ නිවසේදී මියගිය තරුණයාගේ මරණය ගැන සැකයක්‌

ජාතික නිදහස්‌ පෙරමුණ නායක, එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර මංගල මාවතේ පිහිටි නිවස තුළ නින්දේ පසු වූ තරුණයකු වන 24 හැවිරිදි ලහිරු ජනිත් දිසානායක යන අයගේ මරණය සැක සහිත බවට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂකවරයා විසින් පවත්වන ලද මරණ පරීක්‍ෂණය අනුව ලබා දුන් තීරණයෙන් පසුව කඩුවෙල මහෙස්‌ත්‍රාත් ධම්මික හේමපාල මහතා සිද්ධියට අදාළ මූලික විමර්ෂණ සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසට තලංගම පොලිසියට නියෝග කළේය.

විනිසුරුවරයා විසින් ඊයේ (27) පෙරවරුවේ මන්ත්‍රීවරයාගේ නිවස වෙත ගොස්‌ ස්‌ථානීය පරීක්‍ෂණයක්‌ සිදු කරන ලදී. 

මියගිය ලහිරු ජනිත් යන තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත් විභූති විශ්වජිත් වීරවංශ යන අයගේ මිතුරකු බවට හඳුනා ගෙන තිබේ.

පසුගිය 25 වන දා රාත්‍රී එම තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත්‍රයා ඇතුළු තවත් තරුණයන් තිදෙනකු සමඟ රූපවාහිනිය නරඹමින් සිට නින්දට ගොස්‌ ඇති බවත් මියගිය තරුණයා එම නිවසේ සාලයක තනිව නින්දේ සිට ඇති බවත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත.

පසුදා උදේ ඔහු අවදි කිරීමට ගිය අවස්‌ථාවේ, එම තරුණයා කිසිවක්‌ කතා නොකර ඇති අතර ඒ මොහොතේම ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස්‌ සිටි බවට හදිසි මරණ පරීක්‍ෂක ඩබ්ලිව්. සී. ටී. ගලගෙදර මහතා හමුවේ පැවැති මරණ පරීක්‍ෂණයේදී ප්‍රකාශ වී තිබේ.

මියගිය අයගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බාහිර සලකුණු කිහිපයක්‌ දක්‌නට ඇති නිසා ඔහුගේ මරණය සැක සහිත බව නිගමනය කළ මරණ පරීක්‍ෂකවරයා විවෘත තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරමින් ඒ සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්‌ත්‍රාත්වරයා වෙත වාර්තා කිරීමට පොලිසියට නියෝග කර තිබිණ.

ඒ අනුව මහෙස්‌ත්‍රාත් ධම්මික හේමපාල මහතා මියගිය අය නින්දේ සිටි බව කියන විමල් වීරවංශ මහතාගේ නිවසට ගොස්‌ ස්‌ථානීය පරීක්‍ෂණයක්‌ සිදු කරන ලද අතර මියගිය අයගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පවත්වා අදාළ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට තලංගම පොලිසියට නියෝග කළේය.

(ඡායාරූපය -දිවයින)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමල්ගේ නිවසේදී මියගිය තරුණයාගේ මරණය ගැන සැකයක්‌
විමල්ගේ නිවසේදී මියගිය තරුණයාගේ මරණය ගැන සැකයක්‌
http://ift.tt/2eT2FZM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_541.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_541.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy