දිවයිනේ උතුරු සහ නිරිතදිග ප්‍රදේශවලට ලැබෙන වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කීපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිව...
දිවයිනේ උතුරු සහ නිරිතදිග ප්‍රදේශවලට ලැබෙන වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කීපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුව අද (22) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වන පරිදි හෙට (23) දිනයේදී උතුර, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකිය.
සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සමහර ස්ථානවලට තරමක් තද වැසිද (මිලී මීටර් 75-100 පමණ) ඇතිවීමට ඉඩ ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
COMMENTS