එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාන්තා නායකත්ව පුහුණු වැඩසටහන් දෙකක් පසුගිය දා පැවැත්...
එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාන්තා නායකත්ව පුහුණු වැඩසටහන් දෙකක් පසුගිය දා පැවැත්විණි.
මෙහි පළමු වැඩසටහන පසුගිය 08 වැනිදා කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එළැඹෙන පළාත් පාලන මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණවල දී සහ දේශපාලනික කටයුතුවල දී කාන්තාවන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම හා කාන්තාවන්ගේ දේශපාලනික සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම නායකත්ව පුහුණු වැඩමුළු මාලාව සංවිධාන කෙරේ.
මෙහිදී දේශපාලනික කරුණු සම්බන්ධයෙන් න්‍යායික හා ප්‍රායෝගික අවබෝධය ලබා දීම වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබිණි.
පෙරේදා (09) මෙහි දෙවන වැඩසටහන පැවැත්වුණේ රත්නපුර නගර සභා ශ්‍රවණාගාරයේ දී ය.
මෙම උත්සවයට සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය, කාන්තාවන්ගේ දේශපාලනික සහභාගීත්වයේ වැදගත්කම සම්බන්ධයෙන් අවධාරණය කළාය.
කාන්තාවන් නිවසේ වැඩකටයුතු වලට හෝ ස්වාමියාගේ-දරුවන්ගේ වැඩ වලට සීමා නොවී සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලන කටයුතු සදහා ද සක්‍රීයව මැදිහත් විය යුතු බව ඇය පෙන්වා දුන්නාය.
මෙම වැඩසටහන් සදහා කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාන්තා සංවිධාන නායිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
COMMENTS