රක්ෂිත බන්ධනාගාරගතවීමෙන් පසු රෝහල්වලට ඇතුළත් කරනු ලබන රැඳවියන්ගේ ආරක්ෂාව සඳහා නිසි පියවර නොගැනීම හේතුවෙන් වැඩි දෙනෙකු බන්ධනාගාර නිලධාරීන්ග...
රක්ෂිත බන්ධනාගාරගතවීමෙන් පසු රෝහල්වලට ඇතුළත් කරනු ලබන රැඳවියන්ගේ ආරක්ෂාව සඳහා නිසි පියවර නොගැනීම හේතුවෙන් වැඩි දෙනෙකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී රෝහල්වලින් පලා ගොස් ඇති බව සමීක්ෂණවලදී හෙළිවී තිබේ.
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේ මෙම රැඳවියන් සඳහා ආරක්ෂක පියවරක් ලෙස වැසිකිලි දම්වැල් ලබාදී ඇතත් ඒවා නොදමා රැඳවියන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩදීමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවයි.
පසුගිය වසර තුළ රෝහල්ගතව සිටි රැඳවියන් ඇතුළුව විවිධ අවස්ථාවලදී එසේ පලාගිය රැඳවියන් ගණන 154ක් වන බවත් මෙම වසරේ ගතවූ කාලය තුළ 73 දෙනෙකු පලාගොස් ඇති බවත් ඒ මහතා කියාසිටියේය.
බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ඇති නීති රීති නොපැළපැදීම, නොසැලකිලිමත්කම ඇතුළු හේතු රැසක් මීට මුල්වී ඇති බවයි.
ඊට අදාළව උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් ද නිකුත් කර බන්ධනාගාර අධිකාරීවරුන් දැනුවත් කර ඇතැයි එම මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටී.
COMMENTS