මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳව කෝප් කමිටුව තුළ දැනට උද්ගතවී ඇති ගැටළුකාරී තත්ත්වය සමතයකට පත් කර ගැනීම සඳහා කෝප් කමිටුව අද( 24) රැස්වී ත...
මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳව කෝප් කමිටුව තුළ දැනට උද්ගතවී ඇති ගැටළුකාරී තත්ත්වය සමතයකට පත් කර ගැනීම සඳහා කෝප් කමිටුව අද(24) රැස්වී තිබේ.
එහිදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය හේතුවෙන් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අද පැවති එම රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තාවේ.
කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව වාර්තාවක් සකස් කළ අතර එම වාර්තාවට අමතරව කෝප් කමිටුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු වෙනම වාර්තාවක්ද සකස් කර තිබුණි.
මෙම තත්ත්වය තුළ පසුගිය දා රැස්වූ කෝප් කමිටුවද උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වේ.
කෝප් කමිටු සභාපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර කිසියම් ගැටළුකාරී තත්ත්වයක් මතුවී තිබූ අතර අවසන් වරට කෝප් කමිටුව රැස්වූ අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරු පිරිසක් ඉන් ඉවත්ව ගොස් තිබුණි.
සභාපතිවරයාගේ වර්තාවට ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුගේ ද සහය හිමිව ඇති අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහය ඊට හිමිව නොමැත.
COMMENTS