මේ දිනවල පරීක්ෂණයට බඳුන්ව තිබෙන පූගොඩ, මල්වානේ පිහිටි අක්කර 16 ඉඩමට හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ කිසිදු සම්බන්ධයක් නැතැ...
මේ දිනවල පරීක්ෂණයට බඳුන්ව තිබෙන පූගොඩ, මල්වානේ පිහිටි අක්කර 16 ඉඩමට හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි
ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා අද (07) අධිකරණයට දන්වන ලදි. එමස අවස්ථාවට බැසිල් රාජපක්ෂ මහතාද එක්ව ඇත.
ඒ අනුව එම ඉඩමේ අයිතියක් ඇති කිසිවෙකු සොයාගන්නට බැරි නිසා රජයට වාසි සහගත තත්වයක් උදාවේ. එය රාජසන්තකවන ලකුණු පහළවී ඇත.
මෙම ඉඩම විකුණා රජයට මුදල් බැරකරනවාද? නැද්ද? යන්න තීන්දුව ලබන 14 වැනිදා ලබාදෙන බව පූගොඩ මහේස්ත්‍රාත් ඩී. ඒ රුවන්පතිරණ මහතා ප්‍රකාශ කර ඇත.
මෙම ඉඩමේ අයිතියට බැසිල් හිමිකම් කියා තිබුනේ නම් එතරම් විශාල වටිනාකමක් ඇති ඉඩමක් ලබාගැනීම ගැන ඔහුට අධිකරණයේ කරුණු දක්වන්නට සිදුවන අතර එම මුදල් ඉපැයිම ගැන විශේෂ පරීක්ෂණයක් සඳහා කරුණු නිරාවරණය වන්නට ඉඩ තිබිනි. ඔහු එම අයිතිය ඉල්ලීමෙන් කර ඇරීම නිසා ඒ දේවල් සිදු නොවනු ඇත.
Pix courtesy-Ada.lk
COMMENTS