පාර්ලිමේන්තු සම්ප්‍රදායට නොගැළපෙන ඇඳුමකින් සැරසී පැමිණි බදුල්ල දිස්ත්‍රික් (එක්සත් ජාතික පක්ෂ) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාට සභාගැබ...
පාර්ලිමේන්තු සම්ප්‍රදායට නොගැළපෙන ඇඳුමකින් සැරසී පැමිණි බදුල්ල දිස්ත්‍රික් (එක්සත් ජාතික පක්ෂ) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාට සභාගැබෙන් පිටව යන
ලෙසට දැනුවත් කිරීමට
පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී සුළු වේලාවකින් එම මන්ත්‍රීවරයා තද තැඹිලි වර්ණයෙන් යුතු කමිසයක් සහ කළු සරමකින් සැරසී සභාගැබට පැමිණියේය.
එහිදී පාර්ලිමේන්තු සභා ගර්භයේ සේවකයන් එම ඇඳුම සභාගැබට නොගැළපෙන බව පැවසුවද එය එතරම් ගණනකට නොගෙන ඔහු සිය අසුනේ රැඳී සිටියේය.
කෙසේවෙතත් දෙවන වරටත් සේවකයන් අදාළ මන්ත්‍රීවරයා දැනුවත් කළවිට ඔහු සභාගැබෙන් පිටවගියේය.
COMMENTS