මහ බැංකු බැඳුම් කර වංචාවට අර්ජුන් මහේන්ද්‍රන් සෘජුවම වග කිව යුතුයි - අවසන් කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන එමින් සභාපති හඳුන්නෙත්ති කි...
මහ බැංකු බැඳුම් කර වංචාවට
අර්ජුන් මහේන්ද්‍රන් සෘජුවම වග කිව යුතුයි
- අවසන් කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන එමින් සභාපති හඳුන්නෙත්ති කියයි
අද උදෑසන පාර්ලිමේන්තුවේදී බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව එහි සභාපති පා.ම සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ අතර එහිදී ඔහු කියා සිටියේ
ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුවට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සෘජුවම වගකිව යුතු බවද, ඒ අනූව
ඔහු ඇතුළු වගකිව යුතු නිලධාරීන්ට
වාර්තාවේ නිර්දේශවලට කමිටු සාමාජිකයින්ගේ එකඟත්වයක් පළ වූ නමුත් බෙදීමක් ඇති බව ද වැඩිදුරටත් කියා සිටි ඔහු අවසන් වාර්තාව සැකසීමේදී පාදක සටහන් නොමැති වාර්තාව සාමාජිකයින් 9 දෙනෙකු ප්‍රතික්ෂේප කළ බවත්, පාදක සටහන් සහිත වාර්තාව සාමාජිකයින් 16 දෙනෙකු ප්‍රතික්ෂේප කළ බවත් කියා සිටියේය.
මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුවේදී මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බැවින් එම පාඩුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාට අයත් පර්පචුවල් ටෙෂරීස් සමාගමෙන් අයකර ගන්නැයි කෝප් කමිටුවෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
මෙම වාර්තාව දීර්ඝ වශයෙන් විස්තර කරමින් තවමත් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙයි.
COMMENTS