දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විශ‍්‍රාමික රණවිරුවන් ජාතික සංවර්ධන වැඩට - ජනපතිගෙන් පත්වීම් 
Homeප්‍රවෘත්ති

විශ‍්‍රාමික රණවිරුවන් ජාතික සංවර්ධන වැඩට - ජනපතිගෙන් පත්වීම් 

PropellerAds

විශ‍්‍රාමික රණවිරු මානව සම්පත ජාතික සංවර්ධනය සඳහා යොදා ගැනීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර ලෙස තාක්ෂණ නිළධාරින් ලෙස බඳවා ගත් විශ‍්‍රාමික රණවි...

කිලෝමීටර් 3ක් දුරට ඉලක්කෙටම වෙඩි තියන ලොව අති භයානකම ස්නයිපර් වෙඩික්කරු ‘චාලි’ යුක්රේන යුද්ධයට එක්වෙයි!
ඩග්ලසුත් කෝටියකට ආසන්න විදුලි පොල්ලක් තියලා!
සර්ව පාක්ෂිකයන් එක්කර ජාතික ආණඩුවක් හැදීමේ සූදානමක්!
විශ‍්‍රාමික රණවිරුවන් ජාතික සංවර්ධන වැඩට - ජනපතිගෙන් පත්වීම් 

විශ‍්‍රාමික රණවිරු මානව සම්පත ජාතික සංවර්ධනය සඳහා යොදා ගැනීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර ලෙස තාක්ෂණ නිළධාරින් ලෙස බඳවා ගත් විශ‍්‍රාමික රණවිරුවන් 50 දෙනෙකුට පත්වීම් ලිපි ප‍්‍රදානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

තවදුරටත් වැඩ කළ හැකි වයසේ පසුවන විශ‍්‍රාමික රණවිරුවන් නැවතත් ජාතික සංවර්ධනය සඳහා යොදා ගැනීම හා ඒ හරහා ඔවුන්ගේ සුබසාධනය වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙවන් වැඩසටහනක් රට තුළ කි‍්‍රයාත්මක කෙරුණු පළමු අවස්ථාව මෙය වන අතර පත්වීම් ප‍්‍රදානය කිරිමේ උත්සවය ඇමතූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ රාජ්‍ය සේවයේ සෙසු නිලයන්ට වඩා ඉතා අඩු වයස් මට්ටමකින් විශ‍්‍රාම ලබන රණවිරුවන් තම දැනුම සහ අත්දැකීම් ඉතා පරිපූර්ණව රටට ලබාදිය හැකි අවස්ථාවක සේවයෙන් ඉවත් වන බවයි.

ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් ජාතික ආර්ථිකයේ සංවර්ධනය වෙනුවෙන් දායක කර ගැනීම සහ රණවිරුවන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින් මෙම නව වැඩපිළිවෙළ ආරම්භ කළ බව පැවසූ ජනාධිපතිවරයා වත්මන් රජය රණවිරුවන්ට නොසළකන බවට ඇතැමුන් විවිධ චෝදනා සිදු කළද පසුගිය රජයන් සියල්ලට වඩා වත්මන් රජය රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන බවත්, ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කිරිමට කැපවී සිටින බවත් කියා සිටියේය.

එමෙන්ම මෙම පත්වීම් ලබාදීම තුළින් රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම්වලට කිසිදු බාධාවක් එල්ල නොවන බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා උගත් තරුණ පරපුරට හිමි කැඳවීම් එළෙසින්ම සිදු කෙරෙන බව ද කියා සිටියේය.

දැනට විශ‍්‍රාම ගොස් සිටින රටෙහි ජාතික සංවර්ධනයට දායක කරගත හැකි රණවිරුවන්ගේ සංඛ්‍යාව 1,13,598 ක් පමණ වේ.

ඉහත රණවිරුවන් සඳහා රැකියා හා ඔවුන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වෙනම අධ්‍යක්ෂවරයෙකු සහ විශ‍්‍රාමික රණවිරු සුබසාධක අංශයක් ද පිහිටුවා තිබෙන අතර විශ‍්‍රාමික රණවිරුවන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ලියාපදිංචි වීම සඳහා වෙබ් අඩවියක් ද ආරම්භ කර තිබේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ද ති‍්‍රවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ නියෝජිතයින් පිරිසක් පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විශ‍්‍රාමික රණවිරුවන් ජාතික සංවර්ධන වැඩට - ජනපතිගෙන් පත්වීම් 
විශ‍්‍රාමික රණවිරුවන් ජාතික සංවර්ධන වැඩට - ජනපතිගෙන් පත්වීම් 
http://ift.tt/2d9x2s9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_146.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_146.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy