ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුවූ මහා පරිමාණ වකුගඩු ජාවාරම සම්බන්ධීකරණය කරමින් ඊට අවශ්‍ය කටයුතු සහ ආධාර අනුබල දුන් මෙරට වෛද්‍යවරුන් පිරිසක...
කොළඹ අපරාධ කොට්ඨාසය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඊයේ (24දා) දැනුම් දුන්නේය. වකුගඩු බද්ධ කිරීමේ ජාවාරම සම්බන්ධීකරණය කළ මෙරට වෛද්‍යවරයකු පිළිබඳ මේ වන විට හඳුනාගෙන ඇතැයිද කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා අධිකරණය වෙත
බොරැල්ල, කොටා පාරේ පෞද්ගලික වෛද්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය සංජීව අබේපිටිය නොහොත් මොනික් නමැති වෛද්‍යවරයා වකුගඩු බද්ධ කිරීමේ ජාවාරම සම්බන්ධීකරණය කළ පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය එම වාර්තාව මඟින් අධිකරණය වෙත දන්වා සිටියේය.
වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන ඉන්දීය ජාතික සැකකරුවන් 07 දෙනකු මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින අතර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටියදී යළි ඉන්දියාවට පැනගොස් තිබිණි.
මෙම මහා පරිමාණ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඉෂාර රත්නකාර (මව්බිම)
COMMENTS