2017 ජනවාරි මස 01 වැනි දා සිට මගී ප්‍රවාහනය සඳහා නව බලපත්‍ර ලබා නොගන්නා බස් රථ රියැදුරන්ට කොළඹ නගරයට ඇතුළු වීමට ඉඩ නොදෙන බව මෝටර් රථ කොමසා...
2017 ජනවාරි මස 01 වැනි දා සිට මගී ප්‍රවාහනය සඳහා නව බලපත්‍ර ලබා නොගන්නා බස් රථ රියැදුරන්ට කොළඹ නගරයට ඇතුළු වීමට ඉඩ නොදෙන බව මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.
භාණ්ඩ ප්‍රවාහනයට වඩා මගී ප්‍රවාහනය ගැන විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවී ඇත්තේ දිනෙන් දින වැඩිවන මාර්ග අනතුරුවලින් හානියට පත්වන ජනතාව පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පසුව බව හෙතෙම පෙන්වා දෙයි.
සියලුම රියැදුරන්ට වඩා මගී ප්‍රවාහන රියැදුරන්ගේ විනය ඉහළ මට්ටමක තබා ගැනීම පිණිස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කෙළේය.
2017 වසර අවසන් වනවිට දිවයින පුරා සිටින සියලුම මගී ප්‍රවාහන රියැදුරන්ට මෙම විශේෂ විනය පුහුණුව ලබාදීමට පියවර ගෙන ඇති බවද කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS