දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ව්‍යාපාරිකයාගේ හොර අත්සන යොදා ලක්ෂ 44 වංචා කළ මහරගම සෙලාන් බැංකු නිලධාරියා මාට්ටු
Homeගොසිප්

ව්‍යාපාරිකයාගේ හොර අත්සන යොදා ලක්ෂ 44 වංචා කළ මහරගම සෙලාන් බැංකු නිලධාරියා මාට්ටු

PropellerAds

වවුචරේට ව්‍යාපාරිකයාගේ හොර අත්සන යොදා වයිෆ්ටයි පුතාටයි ලක්ෂ 44ක් දාගත් මහරගම සෙලාන් බැංකු නිලධාරියා මාට්ටු පාරිභෝගිකයින් නිරන්තරයෙන් බ...

Bandhanaya Film Premiere
සයිටම් අයට වෛද්‍ය සභාවෙන් විභාගයක් -නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර සමුගනී

වවුචරේට ව්‍යාපාරිකයාගේ හොර අත්සන යොදා
වයිෆ්ටයි පුතාටයි ලක්ෂ 44ක් දාගත්

මහරගම සෙලාන් බැංකු නිලධාරියා මාට්ටු

පාරිභෝගිකයින් නිරන්තරයෙන් බැංකු සමග ගනුදෙනු කරන්නේ එම ආයතනවල නිලධාරීන් ගැන විශ්වාසයක් තබාය. තමන් ලබාදෙන මුදල් හෝ චෙක්පත් ආදිය නිසි පරිදි ඔවුන් හසුරුවන බවට පූර්ව නිගමනයක් හැමටම ඇති අතර ඒවා අයථා භාවිතයේ යොදවන බවට සැකයක් ඇති කරගන්නේ නැත.
නමුත් වැඩිපුර සොයන්නේ නැතිව නිතරම විශ්වාසය මත සල්ලි තැන්පත් කරන්නට පුරුදු වූ ව්‍යාපාරිකයෙකුගේ අත්සන හොරට යොදා තමන්ගේ පවුලට අයත් බැංකු ගිණුම් වල
මුදල් තැන්පත් කරගත් පුද්ගලික බැංකු සේවකයෙකු ගැන පසුගියදා වාර්තා වුණා.
මහරගම සෙලාන් බැංකු ශාඛාවේ සේවය කළ ක‍්‍රිස්ටි පෝල් ප‍්‍රනාන්දු නමැති නිලධාරියෙකු රුපියල් ලක්ෂ 44 ක් මේ ආකාරයට


සොරාගෙන ඇති අතර ව්‍යාපාරිකයාගේ අත්සන හොරට යෙදූ වවුචර ආධාරයෙන් ඔහු එම මුදල් තමන්ගේ බිරියගේ හා පුත‍්‍රයාගේ ගිණුම් වලට යොමු කරගෙන ඇත.

වැඩි විශ්වාසයට කැෂියර් කවුන්ටර අසළට ඇවිත් නිලධාරීන් හමුව යන පෝලිම්වලත් නොසිට ගනුදෙනු කරන මෙම ව්‍යාපාරික මහතා පෙරකී නිලධාරියා මෙවැනි වංචාවක් සිදු කර ඇති බව දැනගෙන ඇත්තේ දිගු කලක් ගතවීමෙන් පසුවය.

ඔහුගේ බැංකු පොත විගණන නිලධාරීන්ගේ පරීක්ෂා කිරීමකදී ගිණුම් ගතනොවුන ගනුදෙනුව ගැන සැක සිතී මහරගම සෙලාන් බැංකු කළමණාකරු හමුවීමේදී වංචාව හසුව තිබේ. තමා අත්සන් නොකළ රුපියල් 27000 ක් බැරකිරීමේ වවුචරයක් බැංකුව තුළ තිබීම දැක ව්‍යපාරිකයා පුදුමයට පත්ව තිබෙන අතර පසුව විමර්ශනය කිරීමේදී වංචාව සිදු කළ නිලධාරියා ඒ වනවිට එම බැංකු ශාඛාවෙන් මාරුවක් ලබා බොරලැස්ගමුව ශාඛාවේ සේවය කරන බව සොයාගෙන ඇත.

ඔහුගේ බිරියගේ හා පුත‍්‍රයාගේ බැංකු ගිණුම් වල මේ ආකාරයට වරින්වර බැර කරගත් රුපියල් 44,36,900 ක මුදලක් ඒ අනුව සොයාගන්නට හැකිව තිබේ.

ඒ අනුව වංචාව සිදු කළ මත්තෙගොඩ පදිංචි ක‍්‍රිස්ටි පෝල් ප‍්‍රනාන්දු නමැති සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න හමුවේ ඔහු වරද පිළිගෙන තිබේ.ඔහුට ලක්ෂ 10 ක් අධිකරණයේ තැන්පත් කර ලක්ෂ 25 ක් ඇප නියම කර විදෙස් ගතවීම තහනම් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කර ඇති අතර වැඩිදුර විභාගය ඉදිරියටත් පැවැත්වේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ව්‍යාපාරිකයාගේ හොර අත්සන යොදා ලක්ෂ 44 වංචා කළ මහරගම සෙලාන් බැංකු නිලධාරියා මාට්ටු
ව්‍යාපාරිකයාගේ හොර අත්සන යොදා ලක්ෂ 44 වංචා කළ මහරගම සෙලාන් බැංකු නිලධාරියා මාට්ටු
http://ift.tt/2e8W4ca
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/44.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/44.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy