ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් නිල උත්සවය ලෝකයේ සියලූ බෞද්ධ රටවල රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් 2017 මැයි 13 වනදා කොළඹදී අති උත්කර්ෂවත් අන්...
ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් නිල උත්සවය ලෝකයේ සියලූ බෞද්ධ රටවල රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් 2017 මැයි 13 වනදා කොළඹදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (22) පස්වරුවේ මතුගම, බෝපිටිය, සිරි ඉන්ද්‍රසභා පිරිවෙන් විහාරස්ථානයේ පැවති පුණ්‍යෝත්සවයකට එක් වෙමිනි.
අපේ රට අද දවසේ මෙන්ම හෙට දවසේ ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා තිබෙන එකම සම්පත වන්නේ ථෙරවාදී බුදු දහම බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා ථෙරවාදී බුදු දහම ලෝකයට ගෙන යාමේ මූලස්ථානයක් බවට ශී‍්‍ර ලංකාව පත් කිරීමේ කටයුතු ද ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල හා සමගාමීව කි‍්‍රයාත්මක කරන බව කියා සිටියේය.
ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක ධූරයෙන් පිදුම් ලද අතිපූජ්‍ය බෝපිටියේ ඥානාවාස අනු නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වීම වෙනුවෙන් මෙම පුණ්‍යෝත්සවය සංවිධානය කර තිබුණි.
අභිනව අනුනායක ස්වාමින් වහන්සේ වෙත ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වූ ජනාධිපතිවරයා උන්වහන්සේගේ ශාසනික සහ සමාජයීය සේවාව ද ඇගයීමට ලක් කළේය.
අනතුරුව පැවතී උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ඉදිරියේදී මතුවිය හැකි විදුලිබල අර්බුදයට විසදුමක් වශයෙන් ස්වාභාවික සම්පත්වලින් විදුලිය උත්පාදනය කෙරෙන පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා නව ජාතික වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට රජය කටයුතු කර තිබෙන බවයි.
හිරු එළියෙන් විදුලිය නිෂ්පාදනය කෙරෙන සෝලා විදුලි උත්පාදනය සඳහා මේ වන විට රජය යොමුව තිබෙන අතර විදුලි උත්පාදනය සඳහා ගිනිසිරීයා පැළ සිටුවීමේ ජාතික වැඩසටහනක් ද දීප ව්‍යාප්තව පසුගියදා ආරම්භ කළ බව ජනාධිපතිවරයා පැවසීය.
ගිනිසිරීයා පැළ සිටුවීමේ ජාතික වැඩසටහන ඉතාමත් කුඩා කටයුත්තක් ලෙස ඇතැමුන්ට පෙනනුද එය විධිමත් අයුරින් කි‍්‍රයාවට නැංවීමෙන් සාර්ථක වැඩපිළිවෙළක් කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය රටේ අනාගතය වෙනුවෙන් කෙරෙන දැවැන්ත ආයෝජනයක් වනු ඇති බව ද සඳහන් කළේය.
රටක් ලෙස සිදුකළයුතු ආර්ථික සහ දේශපාලන පරිවර්තනයන් සිදු කරමින් රට ඉදිරියට ගෙන යාමට පසුගිය මාස 20 තුළ රජය කැපවූ බව සඳහන් කළ ජනාධිපතිවරයා ස්වාධීන, ශක්තිමත් රටක් ලෙස ශී‍්‍ර ලංකා මාතෘ භූමිය ඉදිරියට ගෙන යාම රජයේ අරමුණ බව ද කියා සිටියේය.
රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ පළාතේ මහා සංඝරත්නය ද අමාත්‍ය මහින්ද සමරසිිංහ, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් සහ ප‍්‍රදේශවාසී විශාල පිරිසක් පුණේයා්ත්සවයට එක්ව සිටියහ.
COMMENTS