රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට සහ ඔහුගේ බිරිඳට නව විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරිමට නීතිමය බාධාවක් නොතිබූ බව අභ්...
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට සහ ඔහුගේ බිරිඳට නව විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරිමට නීතිමය බාධාවක් නොතිබූ බව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී අමාත්‍යවරයා කියාසිටියේ ඕනෑම පුරවැසියෙකුට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව ඇති බවත් අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර නොමැති නිසා ඔහුට විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කිරීමට නීතිමය බාධාවක් නොතිබුණු බවත්ය.
වීඩියෝව පහතින්.
COMMENTS