ඊයේ (06) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ හිටපු මේජර් ජනරාල්...
ඊයේ (06) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ හිටපු මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ඇප පිට මුදා හරිනු ලැබූහ.
ඒ අනුව එක් අයකුට මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් ද, රුපියල් කෝටියක ශරීර ඇප හතරක් බැගින් ද නියම කැරිණි.
ලක්ෂ 355ක මුදලක් අයුතු ලාභයකට යොදා ගත්තැයි ඊයේ පස්වරුවේදී සැකපිට අත්අඩංගුවට ගත් ඔවුහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කරනු ලැබූහ.
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති හා මේජර් ජනරල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS