වසර එකහමාරකට අධික කාලයක් විභාග වූ, භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ නඩුවේ තීන්දුව අද (08) ප්...
වසර එකහමාරකට අධික කාලයක් විභාග වූ, භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ නඩුවේ තීන්දුව අද (08) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
සාක්කි විභාග කිරීම අවසන් කිරීමෙන් පසුව මෙහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තීරණය වුණු අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
මෙම නඩුව විභාග කෙරුණේ විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස මෙම නඩුව සලකා විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව යි.
තීන්දුව ප්‍රකාශයට පත් කරන අද දිනයේ කොළඹ මහාධිකරණයට හා ඒ අවට කලාපයට විශේෂ ආරක්‍ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව පුවත් ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා ඇතුළු ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පැවසේ.
එමෙන්ම අද දවස පුරා නඩු කටයුතුවලට සම්බන්ධිත පුද්ගලයින් හැර වෙනත් කිසිවෙකු කොළඹ මහාධිකරණය පරිශ‍්‍රයට ඇතුල් කර නොගැනීමට ද බලධාරීන් තීරණය කර ඇති බව සඳහන් වේ.
2011 වසරේ ඔක්තෝබර් මස 08 වැනිදා පැවැති මැතිවරණ දිනයේ දී මෙම වෙඩි තැබීම සිදු වූ අතර ඉන් දුමින්ද සිල්වා මහතාට ද බරපතල තුවාල සිදු විය.
ඔහුගේ හිසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තිබූ අතර පැය 5ක පමණ හදිසි ශල්‍යකර්මයකට ඔහු භාජනය වුණා.
COMMENTS