ඊයේ (25) යාපනය තෙලිප්පලෙයි, කුරුම්බන්සෙට්ටි ප්‍රදේශයේ ළිඳක තිබී එල.ටී.ටී.ඊ ආයුධ රැසක් ගොඩගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය හා තෙලිප්පල...
ඊයේ (25) යාපනය තෙලිප්පලෙයි, කුරුම්බන්සෙට්ටි ප්‍රදේශයේ ළිඳක තිබී එල.ටී.ටී.ඊ ආයුධ රැසක් ගොඩගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය හා තෙලිප්පලෙයි පොලීසිය ප්‍රකාශ කරයි.
කුරුම්බන්සෙට්ටි ප්‍රදේශයේ නැවත පදිංචි වී සිටින වැසියෙක් සිය ගෙවත්තෙහි පිහිටි ළිඳෙන් වතුර ගැනීමට යාමේදී කිසියම් ද්‍රව්‍යක් මතුවීම නිසා ඒ බව තෙලිප්පලෙයි පොලීසියට දැනුම් දීමෙන් පසු තෙලිප්පලෙයි පොලීසිය සහ මල්ලාකම් අධිකරණය විසින් එම ළිඳ පරික්ෂා කිරීමට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වෙත පවරා තිබේ.
අනතුරුව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් ඊයේ එම ළිදෙහි තිබූ යුද උපකරණ රැසක් ගොඩට ගැනීමට පියවර ගෙන ඇත.
එසේ ගොඩට ගත් යුද උපකරණ අතර ආර්.පී.ජී. හීට් උණ්ඩ 28ක්, ආර්.පී.ජී. අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු උණ්ඩ 23 ක්, මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 28ක්, මිලිමීටර් 81 වර්ගයේ උණ්ඩ 6ක්, 7.62 ×51 වර්ගයේ ජී.පී.එම්.ජී උණ්ඩ 1600ක්, 106 වර්ගයේ රිකොයිල් 6ක්, කාලතුවක්කු උණ්ඩ 2ක්, මිලිමීටර් 40 ග්‍රෙනඩ් පිස්තෝල උණ්ඩ 66ක්, මිලිමීටර් 81 පැරා මෝටාර් උණ්ඩ 7ක්, මිලිමීටර් 60 මෝටාර් ෆියුස් 15 ක්, ආර්.පී.ජී.චාජර් කොටස් 30ක් අඩංගු වේ.
අද (26) දිනයේදීත් මෙම ළිඳ පරික්ෂා කිරීමේ කටයුතු සිදුකර ඇති අතර අනතුරුව සොයාගත් යුද උපකරණ තොගය නිශ්ක්‍රීය කර තිබේ.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS